June 10, 2024

අද (10) දහවල් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී දෙස් විදෙස් ආර්ථික විශේෂඥයන් පිරිසක් සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් අතර හමුවක් සිදුවිය.

ආර්ජන්ටිනාවේ හිටපු ආර්ථික ඇමැති සහ කොලොම්බියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය Martin Guzman, මැසචුසෙට්ස් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය Jayathi Ghosh, එක්සත් ජාතීන්ගේ සහස්‍රක ව්‍යාපෘතියේ හිටපු කලාපීය අධ්‍යක්ෂ Charls Abugre, යාපනය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය Ahilan Kadirgamar ඇතුළු පිරිසක් මෙම හමුව සඳහා පැමිණ සිටියහ.

ජාතික ජන බලවේගය වෙනුවෙන් ජාතික විධායක සභික ආචාර්ය හරිනි අමරසූරිය, ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස, ජාතික විධායක සභික මහාචාර්ය අනිල් ජයන්ත, ආචාර්ය අනුර කරුණාතිලක, ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, නීතීඥ ලක්මාලි හේමචන්ද්‍ර, චතුරංග අබේසිංහ, ඉංජිනේරු එරංග වීරරත්න, මහාචාර්ය උපාලි පන්නිලගේ සහ වරලත් ගණකාධිකාරි සුනිල් ගමගේ යන අයවලුන් මෙම සාකච්ඡාවට සහභාගි වූහ.

ශ්‍රී ලංකාව මුහුණදෙමින් සිටින ආර්ථික අර්බුදය, අන්තර්ජාතික මූල්‍ය අරමුලේ මැදිහත්වීම්, ආණ්ඩුවේ ආර්ථික ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට බඳුන්ව ඇත.