October 8, 2026

කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව විපක්ෂය විසින් ගෙනඑනු ලබන විශ්වාසභංග යෝජනාවට අද (08) අත්සන් තබන ලදී.

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් මෙම අත්සන් තැබීම සිදුවිය.

විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් මෙම යෝජනාවට අත්සන් තැබීම සඳහා එක්ව සිටියහ.

පාර්ලිමේන්තු විශ්වාසභංග යෝජනාවක් හරහා කථානායකවරයාගේ ධුරයට අභියෝග කිරීම සඳහා විපක්ෂය ගත් උත්සාහයක් ලෙස මෙය සලකුණු වේ.