
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මිද්දෙණියේදී සොයාගත් කන්ටේනර් දෙකට සම්බන්ධකම් ඇතැයි පැවසෙන අයිස් මත්ද්‍රව්‍ය හෝ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට යොදාගන්නා රසායනික ද්‍රව්‍ය ඇතැයි සැකකරන කන්ටේනරයක් ඉදිරි දින කිහිපය තුළ පරීක්ෂා කිරීමට නියමිතව ඇතැයි පොලිස් තොරතුරු සඳහන් කරයි.
‘දිනමිණ’ අනාවරණය කරන ආකාරයට එම කන්ටේනරය මෙතෙක් කොළඹ වරාය භාරයෙන් නිදහස් කර නැති බවත වන විට එම කන්ටේනරය සම්බන්ධයෙන් සියලු ආරක්ෂක පියවර ගෙන ඇති බවත් පොලිස් තොරතුරු අනාවරණය කළේය.
මිද්දෙණියෙන් සොයාගත් කන්ටේනර් දෙක සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට ඉකුත් අගෝස්තු මාසයේදී තොරතුරු ලබාදුන් පොලිස් නිලධාරියාම මෙම කන්ටේනරය ගැනද තොරතුරු ලබා දී ඇති බව සඳහන්ය.
එම කන්ටේනරය මෙතෙක් පරීක්ෂාවකට ලක්කර නැති බව පොලිස් දිනය පැවැති දා පොලිස්පතිවරයා දැනුම්වත් කිරීමට අදාළ නිලධාරියාගේ පාර්ශ්වයෙන් කටයුතු කර ඇති බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.
අදාළ නිලධාරියා විසින් සිය ඉහළ නිලධාරීන් මඟින් යොමුකර තිබූ එම තොරතුර විමර්ශනය කිරීමට පොලිස්පතිවරයා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට යොමුකර තිබී ඇති බව ද සඳහන්ය.
ඒ ගැන පොලිස්පතිවරයා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ඉහළ නිලධාරියකුගෙන් විමසන තුරුම අදාළ කන්ටේනරය සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගෙන නැති බව අනාවරණය වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart