
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ වඩාත්ම සාර්ථක කණ්ඩායම වන ජැෆ්නා කිංග්ස් හිමිකාරීත්වය, ඉන්දීය හිටපු වේගපන්දු යවන ක්‍රීඩක සහීර් ඛාන්ගේ සම-හිමිකාරීත්වයෙන් යුතු ස්ටොක්හෝම් පදනම් කරගත් Anchor Sports AB සමාගම විසින් මිලදී ගෙන තිබේ.
මෙම හිමිකාරීත්වයේ වෙනසත් සමඟ කණ්ඩායම ‘ඇන්කර් ජැෆ්නා කිංග්ස්’ (Anchor Jaffna Kings) ලෙස නැවත නම් කර ඇති අතර, එමඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ LPL සංවිධායකයන් වන Innovation Production Group (IPG) යටතේ පැවැති හදිසි පාලන කාලසීමාව අවසන් වේ.
Anchor Sports AB සමාගම සහීර් ඛාන් සහ ව්‍යාපාරික නාගේන්ද්‍ර සිද්ධූතම්ගේ සම-හිමිකාරීත්වයෙන් පාලනය වන අතර, ඔවුන් බෙල්ජියමේ යුරෝපීය T20 ප්‍රිමියර් ලීගයේ සහ කැනඩාවේ Super60 ලීගයේද කණ්ඩායම් හිමිකාරීත්වය දරයි.
තරග පාවාදීමේ චෝදනා මත පූර්ව හිමිකාරීත්ව සමාගමක් වූ Sports Commune හි සම-හිමිකරු මන්ජෝත් කල්රා අත්අඩංගුවට පත්වීම සහ අනෙක් සම-හිමිකරු වන මයන්ක් ගොයෙල් පිළිබඳ තොරතුරක් නොමැති වීම හේතුවෙන් සති දෙකකට පමණ පෙර ඔවුන්ගේ හිමිකාරීත්වය අහෝසි කර කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ IPG පාලනයට නතු කෙරිණි.
පිටියෙන් පිටත පැවැති මෙම අර්බුද හමුවේ වුවද, නිමාවූ LPL තරගාවලි පහෙන් හතරකම ශූරතාව දිනාගනිමින් තරගාවලි ඉතිහාසයේ සාර්ථකම කණ්ඩායම බවට පත්ව සිටින ජැෆ්නා කිංග්ස් කණ්ඩායම මෙවර තරගාවලියේද ප්‍රසාද ලකුණු සටහන පෙරමුණේ පසුවෙයි.
හිමිකරුවකු ලෙස ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධ වීමට ලැබීම පිළිබඳ තමන් බෙහෙවින් සතුටු වන බවත්, ශ්‍රී ලංකාවේ පන්දු යැවීමේ දක්ෂතාවන්ට තමන් සැමවිටම ගරු කරන බවත් පවසන සහීර් ඛාන්, ‘ඇන්කර් ජැෆ්නා කිංග්ස්’ කණ්ඩායම සමඟ කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව පැවසීය.
LPL තරගාවලි අධ්යක්ෂ සමන්ත දොඩන්වල මෙම පියවර සාදරයෙන් පිළිගනිමින් කියා සිටියේ, සහීර් ඛාන්ගේ පැමිණීම තරගාවලියට විශාල ශක්තියක් වන අතරම ශ්‍රී ලංකාවේ නැගී එන යොවුන් ක්‍රීඩකයන්ට හොඳ මාර්ගෝපදේශනයක් වනු ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart