
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යාපනයේ උපන් මැලේසියාවේ ජීවත්වන කෝටිපති ව්‍යාපාරික ආනන්ද ක්‍රිෂ්ණන්ගේ 18 හැවිරිදි පුතු සිරිපනේයෝ පැවිදි දිවියට පිවිස ඇත.
ඒ පියාගෙන් උරුම වී තිබුණු කෝටි ගණනක ව්‍යාපාර සහ වත්කම් ද අත්හරිමිනි.
ආනන්ද ක්‍රිෂ්ණන් මැලේසියාවේ ප්‍රකට ව්‍යාපාරිකයෙකි.
ඔහු වසර 40ක් තිස්සේ මැලේසියාවේ ජීවත්වන අතර, ඔහුගේ ධනය අමෙරිකානු ඩොලර් කෝටි 500කි.
ආනන්ද ක්‍රිෂ්ණන්ට ඉන්ධන පිරවුන්හල් ජාලයක්, දුරකථන සමාගම් ජාලයක්, රූපවාහිනි ආයතනයක් සහ චන්ද්‍රිකා පද්ධතියක් ද හිමිය.
සිරිපනේයෝ පැවිදි වීමට තීරණය කිරීමත් සමඟ, ආනන්ද ක්‍රිෂ්ණන්ගේ දෙවැනි පුතුට තම ව්‍යාපාරික කටයුතු බලා ගැනීම පැවරෙනු ඇතැයි ජනමාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
සිරිපනේයෝ පැවිදි වීමෙන් පසු තායිලන්තයේ තාවෝ දූම් ආරමයට ගොස් එහි සිටි ධර්ම කටයුතුවලට නිරත ඇතැයි ද පැවසේ.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart