January 19, 2024

අස්වැසුම සමාජ ප්‍රතිලාභ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ඒ සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී ඇති බව එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා සඳහන් කරයි.

මේ අතර, තවත් පවුල් ලක්ෂ 03ක් අස්වැසුමට ඇතුළත් කර ගැනීම සඳහා සුදුසුකම් ලබා තිබේ.

ඒ , අස්වැසුම අභියාචනා සහ විරෝධතා 640,000 ක් සලකා බැලීමෙන් අනතුරුවය.

මේ අනුව, අස්වැසුම ප්‍රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව ලක්ෂ 17 ඉක්මවා ඇතැයි, වැඩබලන මුදල් ඇමැති ශෙහාන් සේමසිංහ සඳහන් කරයි.

අභියාචනා සහ විරෝධතා හේතුවෙන් මෙතෙක් අස්වැසුම ලබමින් සිටි පවුල් 5,209ක් නුසුදුස්සන් බවට පත්වී ඇතැයි පැවැසේ.

මීළඟ වාරික මුදල ලබාදීමට පෙර අලුතින් තේරී පත්වූ පවුල්වලට ජූලි සිට දෙසැම්බර් මාසය දක්වා වූ වාරික හැකි ඉක්මණින් බැංකු වෙත මුදාහැරීමට කටයුතු කරන බව ද ඇමැතිවරයා සඳහන් කරයි.

වැඩබලන මුදල් ඇමැතිවරයා පවසන්නේ, ලක්ෂ 11කට ආසන්න අභියාචනා සහ විරෝධතා ලැබී තිබූ අතර, හැකි ඉක්මණින් ඒවා සළකා බැලීම අවසන් කරන බවයි.