
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොලිස්පතිවරයා සහ අගවිනිසුරුවරයාගේ නිල නිවාස පිහිටි පරිශ්රයන් සහ ඒ අවට මාර්ග වීඩියෝ ගත කළ බවට චෝදනා මත 40 හැවිරිදි පුද්ගලයකු කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ වීඩියෝ රූගත කිරීම සඳහා භාවිත කළේ යැයි කියන ජංගම දුරකථනය ද පොලිස් භාරයට ගෙන තිබේ.
පොලිසිය සඳහන් කළේ සැකකරු සුඛෝපභෝගී රථයකින් පැමිණ පොලිස්පති නිල නිවස ආසන්නයේ සිට වීඩියෝ පටිගත කරමින් සිටියදී, එහි රාජකාරියේ නිරතව සිටි විශේෂ කාර්ය බලකා (STF) නිලධාරියකුගේ නිරීක්ෂණයට ලක්ව ඇති බවයි.
STF නිලධාරියා විසින් ඒ අසල සිටි රථවාහන පොලිස් නිලධාරියකු දැනුවත් කර ඇති අතර, පසුව කොළඹ හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරකට අනුව කුරුඳුවත්ත පොලිසියේ කණ්ඩායමක් පැමිණ පරීක්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුගේ ජංගම දුරකථනය මූලික පරීක්ෂාවට ලක් කිරීමේදී පොලිස්පති නිල නිවස, අගවිනිසුරු නිල නිවස සහ ඒ අවට මාර්ග රූගත කරන ලද වීඩියෝ දර්ශන හමු වී තිබේ.
මූලික ප්රශ්න කිරීම්වලදී විනෝදාංශයක් ලෙස මෙම වීඩියෝ පටිගත කළ බව ප්රකාශ කර ඇති නමුත්, පසුව කළ දීර්ඝ ප්රශ්න කිරීම්වලදී පදිංචිය සහ අනෙකුත් තොරතුරු සම්බන්ධයෙන් පරස්පර විරෝධී ප්රකාශ ලබා දී ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අලුබෝමුල්ල, අරුග්ගොඩ ප්රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart