August 6, 2026

ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වෙමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රාවක් ඊයේ (05) අලුයම අනතුරට ලක්වීමෙන් පසුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මුදාගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇත.

අනතුර සිදුවන අවස්ථාවේදී මෙම යාත්‍රාවේ පුද්ගලයන් 11 දෙනකු සිට ඇති බව නාවික හමුදාව පවසයි.

එහි සිටි පිරිස බේරාගැනීම සඳහා මේ වන විටත් මුදාගැනීමේ කණ්ඩායම් යොදවා ඇති බව නාවික හමුදා නිලධාරීන් තහවුරු කළේය.

මෙම අනතුර සිදුව ඇත්තේ අදාළ යාත්‍රාව ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළ නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වෙමින් සිටියදී බව නාවික හමුදාව ප්‍රකාශ කළේය.

එහි සිටි ධීවරයන් පිරිස සුරක්ෂිතව ගොඩබිමට රැගෙන ඒම සඳහා වන මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ.