
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජපානයේ නගරයකට එහි පැරණි ජල පද්ධතිය අලුත්වැඩියා කිරීම සඳහා කිලෝ ග්‍රෑම් 21ක බරින් යුතු රන් බිස්කට් තොගයක විශාල පරිත්‍යාගයක් හිමිව ඇතැයි වාර්තා වේ.
ඇස්තමේන්තුගත යෙන් මිලියන 560 (ඩොලර් මිලියන 3.6) ක වටිනාකමින් යුතු මෙම රන් බිස්කට් තොගය පසුගිය නොවැම්බර් මාසයේ දී නිර්නාමික පරිත්‍යාගශීලියකු විසින් ලබාදුන් බව ඔසාකා නගරාධිපති හිදෙයුකි යොකොයාමා ජනමාධ්‍ය හමුවකදී පැවසීය.
මිලියන තුනකට ආසන්න ජනතාවක් වාසය කරන ඔසාකා, ජපානයේ කන්සායි කලාපයේ සහ රටේ තුන්වන විශාලතම නගරයේ පිහිටා ඇති වාණිජ මධ්‍යස්ථානයකි.
එහෙත් බොහෝ ජපන් නගර මෙන්, ඔසාකාහි ජල හා අපද්‍රව්‍ය නල මේ වනවිට පැරණි වන අතර ඒවායේ ආරක්ෂාව පිළිබඳ බලධාරීන් විමසිල්ලෙන් පසුවේ.
නගරයේ ජල වැඩ කාර්යාංශයට අනුව, 2024 මූල්‍ය වර්ෂය තුළ ඔසාකා හි භූගත ජල නල කාන්දුවීම් 90 කට වඩා වාර්තා විය.
“පැරණි ජල නල අලුත්වැඩියා කිරීමට විශාල ආයෝජනයක් අවශ්‍යයි. එබැවින් මට අගය කිරීම හැර වෙනත් කළහැකි කිසිවක් නැහැ,” නගරාධිපති යොකොයාමා වාර්තාකරුවන්ට පැවසුවේ දැවැන්ත රන් පරිත්‍යාගය පිළිබඳ ඔවුන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.
එම පරිත්‍යාගය පුදුමසහගත බවත් ඔහුට එය ප්‍රකාශ කිරීම සඳහා වචන නොමැති බවත් නගරාධිපතිවරයා පැවසුවේය.
එම අභිරහස් පරිත්‍යාගශීලියා මීට පෙර නාගරික ජල සැපයුම් සඳහා යෙන් 500,000ක් මුදල් වශයෙන් ලබා දී ඇති බව ද ඔහු තවදුරටත් පැවසීය.
නගරයේ ජල සැපයුම් කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියේ රන් පරිත්‍යාගයට කෘතඥ වන බවත් සහ ඒවා ජල නල දිරාපත්වීම වැළැක්වීම ඇතුළුව අනෙකුත් අවශ්‍යතා සඳහා යොදවන බවයි.
ජපානයේ ජල නල වලින් 20% කට වඩා වැඩි ප්‍රමාණයක භාවිත කාලය වසර 40 ක් පසු කර ඇති බව ජපාන ජනමාධ්‍ය වාර්තා කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart