
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ටිබෙටයේ පිහිටි විහාරස්ථානයකදී දලයි ලාමා තුමන්ගේ ඡායාරූපයක් ප්‍රදර්ශනය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වහා නිදහස් කරන ලෙස ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් (Amnesty International) සංවිධානය චීන බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.
මෙලෙස පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම අදහස් ප්‍රකාශ කිරීමේ සහ ආගමික නිදහස පිළිබඳ මූලික අයිතිවාසිකම් පෑගීමක් බව එම සංවිධානය අවධාරණය කරයි.
ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින ප්‍රමුඛ පෙළේ ක්‍රියාකාරිකයෙකු වන ෂෑන්ග් යී නමැත්තා, ජූලි 1 වනදා සිට බලාත්මක වූ චීනයේ නව ‘ජාතික සමගිය සහ ප්‍රගතිය ප්‍රවර්ධනය කිරීමේ පනත’ යටතේ “බෙදුම්වාදය ප්‍රවර්ධනය කිරීම” යන චෝදනාව මත ජූලි 28 වනදා අත්අඩංගුවට ගන්නා ලදී.
චීන ජනතාව අතර “ශක්තිමත් ප්‍රජා හැඟීමක්” ඇති කිරීම මෙම නීතියේ අරමුණ ලෙස දක්වා ඇත.
කෙසේ වෙතත්, එම නීතියේ 2 වන වගන්තියට අනුව එම අරමුණ ඉටුකර ගත යුත්තේ චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය සුරැකීමෙනි.
සංස්කෘතිය, ආගම, භාෂාව සහ ලේඛන රටාව මෙන්ම ඉතිහාසය සම්බන්ධයෙන් ද ඒකාකාරීත්වයක් ඇති කිරීම මෙම නීතියේ සෙසු වගන්තිවල අරමුණ වී තිබේ.
සුළුතර ජන කොටස්වල අනන්‍ය සංස්කෘතික නාමයන් මුලිනුපුටා දැමීමට සහ බලහත්කාරයෙන් එකම සංස්කෘතියකට අනුගත කිරීමට රජය විසින් මෙම නීතිය පුළුල් මෙවලමක් ලෙස භාවිත කරන බවට විචාරකයෝ චෝදනා කරති.
විශේෂයෙන්ම, මෙම නීතියේ 63 වන වගන්තිය මගින් චීන දේශසීමාවෙන් ඔබ්බට ද මෙහි බලතල ව්‍යාප්ත කර ඇත. ඒ අනුව, මහා භූමි ප්‍රදේශයෙන් පිටත සිටිමින් “ජාතික බෙදීම්” ඇති කරන පුද්ගලයන්ට එරෙහිව ද නීත්‍යානුකූලව පියවර ගන්නා බව එහි සඳහන් වේ. මෙම අපැහැදිලි වගන්ති සහිත නීති සම්පාදනය හරහා විදෙස්ගත සංක්‍රමණික ප්‍රජාවන් කෙරෙහි ද බලපෑම් කිරීමට චීන රජය උත්සාහ කරන බවට මානව හිමිකම් කණ්ඩායම් චෝදනා කරන අතර, එමගින් විදෙස්ගත චීන වැසියන් රජයේ පළිගැනීම්වලට ලක්වීමේ බියෙන් පසුවෙති.
ෂෑන්ග් යී අත්අඩංගුවට ගෙන ඇත්තේ ජූලි 01 වනදා ටිබේටයේ පිහිටි විහාරස්ථානයකට ගිය අවස්ථාවකදීය. වන්දනාවේ පැමිණි ටිබෙට් ජාතිකයෙකුට තම ජංගම දුරකථනයෙන් දලයි ලාමා තුමන්ගේ ඡායාරූපයක් පෙන්වමින් තමාට වන්දනාමාන කිරීම සඳහා පැදුරක් අවශ්‍ය බව සංඥාවෙන් ඇඟවීමට උත්සාහ කිරීමත් සමඟ පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart