
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාව ඉදිරියේදී ඖෂධ ආනයනය සහ නියාමනය සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලන ආයතනයෙන් (FDA) උපදෙස් ලබාගන්නා බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) සභාපති මහාචාර්ය එස්.ඩී. ජයරත්න ඊයේ (30) සඳහන් කළේය.
ශ්‍රී ලංකා පදනම් ආයතනයේ එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලනය විසින් පවත්වනු ලැබූ පුහුණු වැඩසටහනකදී මහාචාර්යවරයා මෙසේ පවසා ඇත.
මෙම වැඩසටහන සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් සහ ඖෂධවේදීන් පනස්දෙනෙක් පමණ සහභාගී වී තිබේ.
එමෙන්ම ඉදිරියේදී බාල ඖෂධ නිෂ්පාදනය අවම කිරීමට ඖෂධවේදීන් මෙම දැනුම භාවිත කරනු ඇතැයි සභාපතිවරයා විශ්වාසය පළකර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart