
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අමෙරිකාව ශ්‍රී ලංකා යුද හමුදාව සමඟ සාකච්ඡා පැවැත්වූ අතර, ස්ථීර සාමය සහතික කිරීම සඳහා සුළුතර ප්‍රජාවන් සමඟ විශ්වාසය ගොඩනැංවීමේ අවශ්‍යතාව පිළිබඳවද සාකච්ඡා කර තිබේ.
ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජුලී චුන්ග් මහත්මිය ප්‍රකාශ කරන්නේ, තමන් ශ්‍රී ලංකා යුද හමුදාවේ 1 බළකායේ ආඥාපති මේජර් ජෙනරාල් එස්.බී.අමුණුගම සමග හමුදාව නවීකරණය කිරීමට ශ්‍රී ලංකාව දරන උත්සාහයන් ඇතුළුව ආරක්ෂක සහයෝගීතාව සඳහා හවුල් කැපවීම පිළිබඳව සාකච්ඡා කළ බවයි.
“ස්ථිර සාමය සහතික කිරීම සඳහා සුළුතර ප්‍රජාවන් සමඟ විශ්වාසය ගොඩනැගීමේ අවශ්‍යතාවය සාකච්ඡා කළා” යැයි එක්සත් ජනපද තානාපතිනිය පවසා ඇත.
උතුරේ සංචාරයක යෙදී සිටින තානාපතිවරිය යාපනයේ සිවිල් සමාජ නායකයන් ඇතුළු පුළුල් පරාසයක ප්‍රජාවන් හමුවී ඔවුන්ගේ ගැටළු සහ ඉදිරි කටයුතු පිළිබඳවද සකච්ඡා කර තිබේ.
“ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකාවකට සහයෝගය දැක්වීම සඳහා අපි එක්ව ක්‍රියා කරන බැවින් එවැනි හඬවල් සහ හවුල්කරුවන් අත්‍යවශ්‍ය වේ,” තානාපතිවරිය වැඩිදුරටත් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart