
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගිය මාස කිහිපය තුළ ඔහු දැඩි මානසික අවපීඩනයෙන් පෙළුණු අතර, ඒ සඳහා රෝහලේදී මෙන්ම නිවසේදීද ප්‍රතිකාර ලබාගත් බව, පසුගියදා මියගිය මෙරට ප්රමුඛපෙළේ ආර්ථික විද්‍යාඥයෙක් වූ අමල් එරාන් හේරත් සඳේරත්නගේ පියා වන වෛද්‍ය නිමල් සඳේරත්න පවසයි.
කණගාටුදායක ලෙස පසුගිය ජූලි 23 වැනිදා ඔහු සියදිවි නසාගත් බව පියා සඳහන් කරයි.
අමල්ගේ අභාවයෙන් පසු ලොව පුරා සිටින විශාල පිරිසක්, ඔහුගේ පවුලට දක්වන සහයෝගය සහ අනුකම්පාව අගය කරන බවත්, එම ඛේදනීය තත්ත්වය සැළකිල්ලට ගෙන ඔවුන්ගේ පෞද්ගලිකත්වයට ගරුකළ සියලුදෙනාට ස්තූතිවන්ත වන බවත්, ඔහු වැඩිදුරටත් පවසා තිබේ.
අමල් තම පවුලට ආදරය කළ කාරුණික හා ත්‍යාගශීලී පුද්ගලයෙක් බවත්, තම කාර්යයේදී අවංකව සහ වෘත්තීයමයභාවයෙන් කටයුතු කළ කෙනෙක් බවත්, අමල් සඳේරත්නගේ තවත් ඥාතියෙක් සඳහන් කර ඇත.
අමල් සඳේරත්න මෙරට මූල්‍ය ක්ෂේත්රයේ පුරෝගාමී ප්‍රබලයෙක් වන අතර, මෙරට ස්වාධීන ආර්ථික පර්යේෂණ සඳහා ද පුරෝගාමී වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart