
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ දියණියට අයත් බත්තරමුල්ල, වික්‍රමසිංහපුර ප්‍රදේශයේ පිහිටි නිවස කොල්ලකෑමකට ලක්ව ඇති බව තලංගම පොලිසිය පවසයි.
එහිදී, රුපියල් ලක්ෂ 30කට ආසන්න වටිනා භාණ්ඩ සොරාගෙන ඇති බව පොලිසිය තහවුරු කර තිබේ.
සොරකම් කරන ලද භාණ්ඩ අතර, රුපියල් 150,000ක මුදලක්, රන් ආලේපිත ඔටුවන්ගේ පිළිරුවක්, ස්මාර්ට් ඔරලෝසුවක්, රන් ආලේපිත සිංගප්පූරු කාසි අටක්, වියළි ආහාර කිහිපයක් සහ පාසල් බෑගයක්ද වේ.
සොරකම සිදු කළ පුද්ගලයන් හඳුනාගැනීම සඳහා මේ වනවිට විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය සදහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart