
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජංගම දුරකථන සහ රත්‍රං ජාවාරම් කිරීමට උත්සාහ කරමින් පසුගියදා අත්අඩංගුවට පත් අලි සබ්රි රහීම් තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුකම් නොමැති බව, පිරිසිදු දේශපාලනයක් වෙනුවෙන් කැප වූ සංවිධානයක් වන ‘මාර්තු 12 ව්‍යාපාරය’ ප්‍රකාශ කරයි.
මන්ත‍්‍රීවරයා තම ක‍්‍රියාව තුළින් මේ වන විට දේශපාලනඥයන් කෙරෙහි ජනතාව තුළ ගොඩනැගී ඇති නිෂේධාත්මක ආකල්පය තහවුරු කර තිබෙන බව මාර්තු 12 ව්‍යාපාරයේ කැඳවුම්කරු රෝහණ හෙට්ටිආරච්චි පෙන්වාදෙයි.
“රුපියල් මිලියන 72ක් වටිනා රත්‍රං සහ ජංගම දුරකථන නීතිවිරෝධී ලෙස රැගෙන යාමට තැත් කරමින් මන්ත්‍රීවරයා කළ වරද බරපතළ ලෙස ගත යුතුයි. මන්ත‍්‍රීවරයා මීට පෙරද මෙවැනි වැරදි සිදු කර ඇත්දැයි සොයා බලා තිබෙනවා. රේගු ආඥාපනත යටතේ මන්ත්‍රීවරයාට පැනවූ දඩය සැක සහිතයි. ඔහුට උපරිම දඩය නියම කර නැහැ. රේගු ආඥාපනත වර්තමාන අවශ්‍යතා සඳහා සුදුසු ද යන්න ද ප්‍රශ්නයක්. මිලියන 7.5ක දඩයක් පැනවීම නීතිය ක්‍රියාත්මක කිරීමක් ලෙස සලකන්න බැහැ. අනුර ඩැනියෙල් හිටපු මන්ත්‍රීවරයාට තමයි හොර ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පළමු මන්ත්‍රීවරයා. එවකට ජනාධිපති දිවංගත ජේ.ආර්.ජයවර්ධන මහතා විසින් ඔහුව පාර්ලිමේන්තුවෙන් නෙරපා හරින ලද අතර එමගින් ආදර්ශයක් වුණා.” යැයි රෝහණ හෙට්ටිආරච්චි වදිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart