
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් ගමන් ගත් මෝටර් රථය අනතුරට ලක්වීමෙන් එක් අයෙකු තුවාල ලබා ඇතැයි සාලියවැව පොලිසිය පවසයි.
අද (13) අලුයම 1.00ට පමණ පුත්තලම – අනුරාධපුර මාර්ගයේ 15 කණුව අසලදී මෙම අනතුර සිදුව තිබේ.
සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔහු අලුත්ගම ඉහළ පුලියන්කුලම ප්‍රදේශයේ පදිංචි H.M. හර්ෂණ ප්‍රදීප් නැමති අයකු බවට හඳුනාගෙන ඇත.
මන්ත්‍රීවරයා පුත්තලම සිට අනුරාධපුරය දෙසට ගමන් කරමින් සිටියදී ඔහුගේ මෝටර් රථය එම දිශාවටම ධාවනය වූ අත් ට්‍රැක්ටරයක පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
අනතුරින් එම අත්ට්‍රැක්ටරය පැදවූ පුද්ගලයා තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා ගමන් ගත් මෝටර් රථයේ රියදුරු සාලියවැව පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර, සාලියවැව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart