
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විදේශගතව සිටින හිටපු පොලිස් නිලධාරියකු සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන අජිත් ධර්මපාල ගේ කුණ්ඩසාලේ පිහිටි නිවසට ගිනි තැබීමේ සිද්ධියට සමගාමීව, ඔහුගේ පවුලේ සාමාජිකයන්, ඥාතීන් සහ සමීපතමයන්ගෙන් තොරතුරු ඉල්ලා විදේශගතව සිට පළකර ඇති ෆේස්බුක් සටහන් පිළිබඳව ද වෙනම පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
අජිත් ධර්මපාල සිටින ස්ථානය පිළිබඳ තොරතුරු ලබාදෙන අයකුට රුපියල් මිලියන 10ක් දක්වා මුදල් තෑගි පිරිනමන බවට එම ඇතැම් සටහන් මඟින් ප්‍රකාශ කර ඇතැයි පොලිසිය පවසයි.
මෙම පළකිරීම්වලින් අජිත් ධර්මපාල පිළිබඳ තොරතුරු සොයා නොමැති අතර, ඔහුගේ පවුලේ සාමාජිකයන්, ඥාතීන් සහ සමීපතමයන්ගේ තොරතුරු ඔහු සිටින ස්ථානය ලිපිනයන් පිළිබඳව තොරතුරු ඉල්ලා ඇති බව පොලිසිය සඳහන් කරයි.
දේශපාලඥයන්, සංවිධානාත්මක අපරාධ කල්ලි සහ මත්ද්‍රව්‍ය ජාල අතර පවතින බව කියන සබඳතා පිළිබඳව අජිත් ධර්මපාල සිදුකළ හෙළිදරව් කිරීම්වලට පළිගැනීමක් ලෙස ඔහුගේ සමීපතමයන් ඉලක්ක කරගනිමින් යම් පිරිසක් මෙම සටහන් ප්‍රචාරය කරන්නට ඇතැයි විමර්ශකයෝ සැකකරති.
පසුගිය නොවැම්බර් 9 වැනිදා අලුයම 3.00ට පමණ කුණ්ඩසාලේ නව නගරයේ පිහිටි අජිත් ධර්මපාලගේ නිවසේ ඉදිරිපස විසිත්ත කාමරයේ ජනේලයකින් පෙට්‍රල් වත්කර නාඳුනන පිරිසක් විසින් ගිනිතබා තිබිණි. ගින්න පාලනය කිරීමට පෙර සෝපාවකට සහ ජනේල කිහිපයකට හානි සිදුව ඇති අතර, එම අවස්ථාවේ නිවස කුලියට ගෙන සිටි පුද්ගලයන් කිහිපදෙනකු එහි සිට ඇත. අසල්වැසියකු ගින්න දැක ඔවුන්ව දැනුවත් කරන තුරු ඔවුන් ඒ පිළිබඳව දැන සිට නැත.
මෙම ප්‍රහාරයට පෙර ඒ පිළිබඳව ඔත්තු බැලීමක් සිදුව ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබේ.
ගින්න ඇතිවීමට දින දෙකකට පමණ පෙර රාත්‍රී කාලයේ හිස්වැසුමක් පැළඳ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයකු නිවස කුලියට ගැනීමට තිබේදැයි විමසා ඇති අතර, පිටව යෑමට පෙර නිවසේ අයිතිකරු කවුදැයි ඔහු විමසා ඇති බව පොලිසිය පවසයි.
සිද්ධිය වූ අවස්ථාවේ නිවසේ සවිකර තිබූ CCTV කැමරා ක්‍රියාත්මක තත්වයේ තිබී නැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart