
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට තුළ ක්‍රියාත්මක වන සයිබර් වංචා මධ්‍යස්ථාන පිළිබඳව මෙරට නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමඟ එක්ව විමර්ශන සිදු කිරීම සඳහා අමෙරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ (FBI) චාලට් ක්ෂේත්‍ර කාර්යාලයේ කණ්ඩායමක් මෙම සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කරයි.
සයිබර් අවකාශය ඔස්සේ සිදු කෙරෙන මූල්‍ය වංචා මැඬපැවැත්වීමට සහ අන්තර්ජාතික අපරාධ ජාල බිඳ දැමීම සඳහා අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමඟ පවතින සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින් සිටින බව එම තානාපති කාර්යාලය පවසයි.
“ශ්‍රී ලංකා බලධාරීන්ගේ ඉල්ලීම පරිදි, මෙරට තුළ ක්‍රියාත්මක වන වංචා මධ්‍යස්ථාන පිළිබඳ විමර්ශන කටයුතුවලදී ශ්‍රී ලංකා නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් සමඟ එක්ව කටයුතු කිරීම සඳහා අමෙරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ (FBI) චාලට් ක්ෂේත්‍ර කාර්යාලයේ කණ්ඩායමක් නොවැම්බර් 16 සිට 22 දක්වා කොළඹට පැමිණෙනු ඇත,” යනුවෙන් තානාපති කාර්යාලය සඳහන් කළේය.
දැනට ක්‍රියාත්මක විමර්ශන සඳහා සහාය වීමටත්, විශේෂිත තාක්ෂණික විශේෂඥ දැනුම ලබා දීමටත්, අන්තර්ජාතික වංචා ජාල හඳුනාගෙන ඒවා මැඬපැවැත්වීමට අමෙරිකානු සහ ශ්‍රී ලංකා බලධාරීන් සතු හැකියාව ශක්තිමත් කිරීමටත් FBI ආයතනය විසින් විශේෂ කණ්ඩායමක් පිහිටුවා තිබේ.
මෙම සංචාරය අතරතුරදී, විමර්ශන ශිල්පීය ක්‍රම, ඩිජිටල් අධිකරණ වෛද්‍ය විද්‍යාව (Digital Forensics) සහ නඩු ගොනු කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් FBI නිලධාරීන් මෙරට නීතිය ක්‍රියාත්මක කරන පාර්ශ්වයන් සමඟ එක්ව කටයුතු කරනු ඇත. මෙම සහයෝගීතාව හරහා වින්දිතයින් හඳුනා ගැනීමටත්, අපරාධ ක්‍රියාකාරකම් පසුපස හඹා යෑමටත්, මාර්ගගත (Online) වංචාවලට වගකිව යුත්තන්ට එරෙහිව ශක්තිමත් නීතිමය පියවර ගැනීමටත් විමර්ශකයින්ට හැකියාව ලැබේ. එමෙන්ම, සයිබර් අපරාධ මෙහෙයවීම සඳහා අන්තර්ජාතික අපරාධ ජාල විසින් ශ්‍රී ලංකා භූමිය යොදා ගැනීම වැළැක්වීමට මෙරට සතු හැකියාව ද මෙමගින් තවදුරටත් ශක්තිමත් වනු ඇත.
මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති එරික් මේයර් පැවසුවේ ”විදේශයන්හි සිට ක්‍රියාත්මක වන අපරාධ ජාල ඩොලර් බිලියන ගණනක් සොරකම් කරමින් සිටින අතර, ඔවුන් නතර කිරීමට අපි කැපවී සිටින්නෙමු. FBI ආයතනයේ විමර්ශන විශේෂඥ දැනුම සහ උසස් තාක්ෂණය ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමඟ ඒකාබද්ධ කිරීමෙන්, අපට වින්දිතයින් හඳුනා ගැනීමටත්, අපරාධකරුවන් නීතිය හමුවට පමුණුවාලීමටත්, තවත් අමෙරිකානුවන් සහ ශ්‍රී ලාංකිකයින් මෙම වංචාවලට හසුවීම වැළැක්වීමටත් හැකියාව ලැබේ.” යනුවෙනි.
විමර්ශන හැකියාවන් ශක්තිමත් කිරීමට සහ වංචා මධ්‍යස්ථාන ක්‍රියාකාරකම් මැඬපැවැත්වීමට ශ්‍රී ලංකා බලධාරීන් සමඟ FBI ආයතනය ආරම්භ කරන අඛණ්ඩ සම්බන්ධතාවයේ ආරම්භය මෙම සංචාරය මගින් සනිටුහන් කෙරේ. මෙම වැඩපිළිවෙළ සඳහා FBI ආයතනය සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහාය ද හිමිවේ.
“අන්තර්ජාතික අපරාධ ජාල ක්‍රියාත්මක වන ඕනෑම තැනකදී ඔවුන් පසුපස හඹා යෑමටත්, අමෙරිකානු පුරවැසියන් මූල්‍ය සූරාකෑම්වලින් ආරක්ෂා කිරීමටත්, වැරදිකරුවන්ට දඬුවම් පැමිණවීම සඳහා අන්තර්ජාතික නීතිය ක්‍රියාත්මක කරන හවුල්කරුවන් සමඟ එක්ව කටයුතු කිරීමටත් අමෙරිකා එක්සත් ජනපදය තවදුරටත් කැපවී සිටියි,” යනුවෙන් තානාපති කාර්යාලය වැඩිදුරටත් නිවේදනය කළේය.
මෙරට තුළ රැඳී සිටින චීන ජාතිකයින් විසින් පවත්වා ගෙන යන සයිබර් වංචා මධ්‍යස්ථාන පිළිබඳ අනාවරණ වීම මෑතකාලීනව ඉහළ ගොස් ඇති පසුබිමක මෙරට තුළ ක්‍රියාත්මක වන සයිබර් වංචා මධ්‍යස්ථාන පිළිබඳව මෙරට නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමඟ එක්ව විමර්ශන සිදු කිරීම සඳහා අමෙරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ සහයෝගය හිමිවීම විශේෂත්වයකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart