
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහජනතාවට තමන් මුහුණ දෙන විවිධ සිදුවීම් හෝ අසාධාරණකම් සෘජුවම පොලිස්පතිවරයා වෙත මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය විසින් හඳුන්වා දී ඇති “පොලිස්පතිට කියන්න” (Tell IGP) මහජන පැමිණිලි සේවාව, වඩාත් කාර්යක්ෂම කරමින් මේ වසරේදී (2026) ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිත බව පොලිස් මූලස්ථානය පවසයි.
දේශීය මෙන්ම විදේශයන්හි වෙසෙන ඕනෑම පුද්ගලයෙකුට සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම අන්තර්ජාලය ඔස්සේ සිය පැමිණිලි සහ තොරතුරු ඉදිරිපත් කිරීමේ හැකියාව සලසා දී ඇති මෙම ඩිජිටල් සේවාව, මහජනතාවට වඩාත් ඵලදායී ලෙස සමීප කරවීම මෙහි අරමුණයි.
මෙම ක්‍රමවේදය ඔස්සේ මහජනතාවට තමන් දන්නා හෝ මුහුණ දුන් පහත සඳහන් නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධ තොරතුරු සෘජුවම පොලිස්පතිවරයා වෙත යොමු කළ හැකිය:
– සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්
– විවිධ අපරාධ සහ දූෂණ ක්‍රියා
– රථවාහන වැරදි සහ මහජන පීඩා
මෙහිදී ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අදාළ කොට්ඨාස භාර නිලධාරීන් හරහා අදාළ පොලිස් ස්ථාන වෙත තොරතුරු කඩිනමින් දැනුම් දෙනු ලැබේ. ඉන් අනතුරුව වහාම විමර්ශන නිලධාරීන් යොදවා ඉදිරි නීතිමය පියවර ගැනීමට කටයුතු සූදානම් කර ඇත.
විශේෂම කරුණ වන්නේ, යම් හෙයකින් තමන් ඉදිරිපත් කළ පැමිණිල්ලකට ප්‍රාදේශීය පොලිස් ස්ථානයෙන් සතුටුදායක හෝ සාධාරණ විසඳුමක් නොලැබුණහොත්, එම වෙබ් අඩවිය ඔස්සේම නැවත වරක් පොලිස්පතිවරයා සෘජුවම දැනුවත් කිරීමේ සුවිශේෂී අවස්ථාවද මහජනතාවට උදාකර දී තිබීමයි.
මහජනතාව සඳහා වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය දිවයින පුරා පවතින ප්‍රාදේශීය පොලිස් කොට්ඨාස 48 හිම ක්‍රියාත්මක වේ. ඒ සඳහා විශේෂ පුහුණුව ලත් පරිගණක ක්‍රියාකරුවන් යොදවා ඇති අතර, සමස්ත ක්‍රියාවලියම පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ පවතී.
මහජනතාවට www.police.lk නිල පොලිස් වෙබ් අඩවියට පිවිස එහි ඇති ඊ-සේවාව (E-Service) යටතේ ස්ථාපිත “Tell Inspector General Of Police” සේවාව තේරීමෙන් හෝ පහත ක්‍රමවේද ඔස්සේ සිය පැමිණිලි යොමු කළ හැකිය:
වෙබ් යොමුව: https://telligp.police.lk
විද්‍යුත් තැපෑල (Email): telligp@police.gov.lk
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart