
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2022 ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ඕස්ට්‍රේලියාවට රැගෙන යෑමට නළු නිළියන් ඇතුළු පිටස්තර පුද්ගලයන්ට පහසුකම් සැලසීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය මුදල් යෙදවූ බවට කරන ප්‍රකාශ ඔප්පු කිරීමට යම් සාක්ෂියක් ඉදිරිපත් කළහොත් තමන් සිය ධූරයෙන් ඉවත් වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා අද(25) අභියෝග කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළකළේ පසුගිය වසරේ පන්දුවාර විස්ස ක්‍රිකට් ලෝක කුසලානයට අදාළ විගණකාධිපතිවරයාගේ වාර්තාව පිළිබදව එල්ලවන චෝදනාවලට ප්‍රතිචාර දක්වමිනි.
එල්ලවන සියලු චෝදනා අසත්‍ය බවත්, කිසිම නළුවෙකුට හෝ නිළියකට මෙන්ම ළඟින් ඇසුරු කරන කිසිම කෙනෙකුට ‘සතයක්වත්’ වියදම් කර නොමැති බවද ඔහු එහිදි කියා සිටියේය.
ඕනෑම අයකුට ඒ පිළිබඳව ඔප්පු කළ හැකි නම් හෙට දිනයේ තනතුරින් ඉල්ලා අස්වන බව ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ක්‍රිකට් සභාපතිවරයා එහිදි වැඩිදුරටත් පැවැසීය.
නළු නිළියන් සදහා මුදල් වියදම් කිරීමක් පිළිබඳව අදාළ විගණාකාධිපති වාර්තාවේ සදහන් නොවන බවද, ශම්මි සිල්වා සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart