
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කැණීම්වලින් සොයාගත් පුරාවස්තු බවට සැක කෙරෙන භාණ්ඩ ළඟ තබා ගැනීමේ චෝදනාව මත ගිරානේගම පොලිසිය සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.
ලැබුණු තොරතුරක් මත ක්රියාත්මක වූ ගිරානේගම පොලිස් ස්ථානයේ නිලධාරීන් ඊයේ (24) පස්වරුවේ ගිරානේගම පොලිස් වසමේ උල්පතයාය ප්රදේශයේ මෙම වැටලීම සිදු කර ඇත.
සැකකරු සතුව තිබී සොයා ගන්නා ලද භාණ්ඩ අතර රන් ආලේපිත බුදු පිළිමයක්, නෙළුම් මලකට සමාන පෙති 24කින් යුත් රන් ආලේපිත මලක් සහ
රන් ආලේපිත ‘බෝ’ පත්රයක් වන බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු ආඬියාගල, හල්මිල්ලෑව ප්රදේශයේ පදිංචි 48 හැවිරිදි අයකු ලෙස හඳුනාගෙන ඇත.
ගිරානේගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart