January 25, 2025

කේරළ ගංජා කිලෝග්‍රෑම් 101යි ග්‍රෑම් 833ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පලාලි පොලිස් කොට්ඨාසයේ අන්තානි පුරම් වෙරළ තීරයේ සිදු කරන ලද වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ යාපනය ඒකකයේ නිලධාරීන්ට ඊයේ (24) උදෑසන ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබේ.

මෙම කේරළ ගංජා තොගය පොහොර බෑග් පහක තිබීයදී සොයා ගෙන ඇත.

මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු පලාලි පොලිස් ස්ථානයට භාර දී ඇත.

සැකකරු 67 හැවිරිදි අයකු ලෙස හඳුනාගෙන ඇත.

පලාලි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.