
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ නොමැතිව ශල්‍යකර්ම සිදුකළ නොහැකි බව දැනුම්දෙමින් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු ඉල්ලා අස්වී ඇතැයි රෝහල් ආරංචි මාර්ග උපුටා දක්වමින් ‘දිවයින’ වාර්තා කරයි.
එම ආරංචි මාර්ග සඳහන් කරන පරිදි එසේ ඉල්ලා අස්වී ඇත්තේ, විශේෂඥ වෛද්‍ය කෞශල්‍ය කරුණාරත්න (Consultant orthopedic surgeon) යි.
මේ අතර ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ වෛද්‍යවරුන් විසින් රෝගීන් සඳහා බාහිරින් ඖෂධ නියම කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව ද වාර්තා වේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් බාහිරින් ඖෂධ ලබා ගැනීම සඳහා නව නිර්ණායක නිල වශයෙන් නිකුත් කරන තෙක් මෙම තීරණය ක්‍රියාත්මක වන බව එම වෛද්‍යවරු පවසති.
බාහිරින් ඖෂධ නිකුත් කිරීම සම්බන්ධයෙන් වෛද්‍යවරුන්ට ඇතිවන නීතිමය ගැටලු හේතුවෙන් මෙලෙස බාහිරින් ඖෂධ නියම කිරීමෙන් වැළකී සිටීමට ඔවුන් තීරණය කර ඇතැයි පැවැසෙයි.
මෙම තත්ත්වය හටගෙන ඇත්තේ, ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ සිදුවීමෙන් පසුවය.
එම වෛද්‍යවරුන් පවසන්නේ, තමන්ට සිරගතවීමට නොහැකි බවත්, මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය වගකීම භාරගෙන සාධාරණයක් ඉටුකරන ලෙසත්ය.
රෝගීන්ට මෑතකදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන නිලධාරියකුගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවකදී වෛද්‍යවරුන් සිය පැවැති ස්ථාවරය පැහැදිලි කර ඇත.
එහිදී, රෝගීන් සඳහා බාහිරින් ඖෂධ ලබාදීම සඳහා අනුගමනය කළ යුතු නිල නිර්ණායක කඩිනමින් නිකුත් කරන තෙක් පියවර ගන්නා බව ඔවුන් දැනුම් දී තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ අදාළ ප්‍රධානියා මේ සඳහා කඩිනමින් මැදිහත් වී ගැටලුවට විසඳුම් ලබා වී දෙන බවට පොරොන්දු වී ඇති බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart