June 30, 2026

තිරුක්කෝවිල් පොලිස් විශේෂ කාර්ය බලකා (STF) කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකරන ලද විශේෂ මෙහෙයුමකදී ස්නයිපර් වර්ගයේ රයිෆලයක් සහ පතොරම් තොගයක් සොයාගෙන තිබේ.

දමන ප්‍රදේශයේ පිහිටි බක්මිටියාව රක්ෂිත වනාන්තරයේ කාංචිකුඩිච්චාරු ප්‍රදේශයේදී මෙම සොයාගැනීම සිදුකර ඇත.

ලැබුණු තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ විශේෂ කාර්ය බලකා කණ්ඩායමක්, වනාන්තරයේ තිබූ දිරාගිය ගසක බෙනයක් තුළ සඟවා තිබූ මෙම ස්නයිපර් තුවක්කුව සොයාගෙන තිබේ.

ගිනිඅවියට අමතරව එහි තිබූ පතොරම් ගැබක් සහ ජීව පතොරම් 7ක් ද නිලධාරීන් විසින් තම භාරයට ගෙන ඇත.

සොයාගත් අවිය සහ පතොරම් තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා දමන පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.