
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙවර ආසියානු කුසලාන එක්දින තරගාවලියේ පළමු ශතකය පළමු දිනයේදීම වාර්තා කිරීමට පාකිස්ථාන නායක බාබර් අසාම් සමත් විය.
ඒ මුල්තාන් හි නේපාල කණ්ඩායම සමග පැවැත්වෙන තරගාවලියේ පළමු තරගයේදී ය.
සිය 104වන එක්දින තරගය ක්‍රීඩාකරන බාබර් අසාම් 19වැනි එක්දින ශතකය වාර්තා කළේ සිය 102වන එක්දින ඉනිමේදීය.
ඉන්දීය කණ්ඩායමේ විරාට් කෝලි 19වැනි එක්දින ශතකය වාර්තා කිරීමට ඉනිම් 124ක් ක්‍රීඩාකර තිබෙන අතර දකුණු අප්‍රිකාවේ හෂිම් අම්ලා ඒ සඳහා ඉනිම් 104ක් ක්‍රීඩාකර තිබිණි.
ඒ අනුව, 19වන එක්දින ශතකය අඩුම ඉනිම් ගණනකදි වාර්තා කිරීමට බාබර් අසාම් ආසියානු කුසලාන එක්දින තරගාවලියේ දී අද සමත්විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart