
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ 2023 වාර්ෂික රැස්වීම් ඊයේ මොරොක්කෝවේ දී ආරම්භ විය.
වාර්ෂික රැස්වීමට සමගාමීව ලෝක බැංකුවේ සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ප්‍රධානීන් කිහිපදෙනකු සමග ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත් වූ බව මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ X(ටිව්ටර්) සටහනක් තබමින් පවසයි.
ලෝක බැංකුවේ විධායක අධ්යක්ෂ පරමේස්වරන් අයියර් සමග ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ලෝක බැංකු ආධාර වැඩසටහන් පිළිබඳ රාජ්‍ය ඇමැතිවරයා සාකච්ඡා පවත්වා තිබේ.
ආර්ථික ස්ථායීතාව සඳහා ලබාදෙන සහාය පිළිබඳ තමන් ලෝක බැංකු විධායක අධ්යක්ෂවරයාට කෘතඥතාව පළකළ බවද රාජ්‍ය ඇමැතිවරයා පවසයි.
එමෙන්ම IMF වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රාජ්‍ය ඇමැතිවරයා අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විධායක අධ්යක්ෂ කේ. සුබ්‍රමනියම් හමු වී තිබේ.
වර්තමාන ආර්ථික තත්ත්වය සහ ශ්‍රී ලංකාව මුහුණ දෙන අභියෝග මෙන්ම, ශ්‍රී ලංකාවට ඇති අවස්ථා සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කළ බව රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
මෙම සාකච්ඡා සඳහා මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ ද එක්ව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart