
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
– ශ්‍රීපාද වන්දනා සමය සෑම වසරකම දෙසැම්බර් මාසයේ ආරම්භ වී මාස 06ක කාලයක් පවතින අතර එම කාලය තුළ එහි පැමිණෙන වන්දනාකරුවන් සහ අනෙකුත් පුද්ගලයින් විසින් බැහැර කරනු ලබන දිරන සහ නොදිරන අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ප්‍රදේශය තුළ එක්රැස් වීම සිදු වේ.
ශ්‍රීපාද අඩවිය වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥාපනත මඟින් ආවරණය වන අධිසංවේදී කලාපයක් වන අතර, එම ප්‍රදේශය තුළ කසල කළමනාකරණය කාලීන අවශ්‍යතාවයක් ව පවතී.
ඒ අනුව, ශ්‍රීපාද වන්දනා සමය තුළ එකී ප්‍රදේශයේ පොලිතින් සහ ප්ලාස්ටික් භාවිතය අවම කිරීම උදෙසා 2025 වසරේ සිට පරිසර අමාත්‍යාංශය විසින් පහත සඳහන් පියවර අනුගමනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.
ඒ අනුව,
– මේ වන විටත් තහනමට ලක්කර ඇති පොලිතින් අමුද්‍රව්‍යයක් ලෙස යොදා නිෂ්පාදිත ආහාර දවටන (ලන්ච් ෂීට් ආදිය), අධි ඝනත්වයෙන් යුත් පොලිඑතිලීන් මඟින් නිෂ්පාදිත බහාලුම් (සිලිසිලි මලු), සැෂේ පැකට්, ප්‍රසාරිත පොලිස්ටයිරින්වලින් නිෂ්පාදිත තනි-භාවිත ආහාර බහාලුම්, තනි-භාවිත බීම බට, කලතන, තනි-භාවිත පිඟන්කෝප්ප, හැඳි, ගෑරුප්පු හා පිහි මෙම ප්‍රදේශය තුළ විකිණීම හෝ වන්දනාකරුවන් විසින් රැගෙන යාම සම්පූර්ණයෙන් තහනම් කිරීම.
– ලීටරයට අඩු තනි-භාවිත ප්ලාස්ටික් ජල බෝතල් හා බීම බෝතල් රැගෙන යාම තහනම් කිරීම.
– පොලිතින් ආවරණ සහ ඇසුරුම් සහිත ආහාරපාන, ඖෂධ හෝ අනෙකුත් බඩුභාණ්ඩ කිසිවක් පාරිසරික අධිසංවේදී කලාපය තුළ බැහැර කිරීම තහනම් කිරීම.
– පාරිසරික අධිසංවේදී කලාපය තුළ ඇති ව්‍යාපාරික ස්ථාන විසින් අලෙවි කරන ප්ලාස්ටික් ආවරණ සහිත ආහාරපාන හෝ වෙනත් වෙළෙඳ භාණ්ඩ අලෙවියෙන් පසු ජනනය වන අපඅද්රව්ය කළමනාකරණය කිරීමේ වගකීම අදාළ වෙළෙඳසල් හිමියන් වෙත පැවරීම.
– ජල උල්පත් හා ජල මාර්ග අපවිත්‍ර කිරීම සහ එම ස්ථානවලට පොලිතීන් හා ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කිරීම තහනම් කිරීම.
– අලෙවිසල් ඉදිකිරීමේදී සහ පවත්වාගෙන යාමේදී ඒකරාශී වන පොලිතීන් සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය නිසි ලෙස එකතු කර ශ්‍රීපාද අධි සංවේදී කලාපයෙන් බැහැරට ගෙනවිත් අදාළ නගර සභා හෝ ප්‍රාදේශීය සභා හරහා අවසන් බැහැර කිරීමේ වගකීම ඒ ඒ අලෙවිසල් හිමියන් වෙත පැවරීම.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart