
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යාපනය අර්ධද්වීපයේ ප්‍රධාන භූමිය සහ ඩෙල්ෆ්ට් ඇතුළු බාහිර දූපත් අතර මගී ප්‍රවාහන පහසුකම් ඉහළ නැංවීම සඳහා එකවර මගීන් 150 දෙනෙකුට ගමන් කළ හැකි නව මුහුදු යාත්‍රාවක් (Sea Ferry) යෙදවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
දැනට පවතින ආරක්ෂිත සහ ප්‍රමාණවත් මගී ප්‍රවාහන පහසුකම් නොමැතිකම හේතුවෙන් ප්‍රදේශවාසීන් මුහුණදෙන ගැටලුවලට විසඳුමක් ලෙස ‘ප්‍රජා ශක්ති’ ජාතික ව්‍යාපාරය යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.
අදාළ මගී ප්‍රවාහන යාත්‍රාව සීමාසහිත සිනෝර් පදනම (Cinor Foundation) මගින් නිෂ්පාදනය කිරීමට නියමිත අතර, එහි මෙහෙයුම් කටයුතු සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ඇති ඩෙල්ෆ්ට් සංවර්ධන සමිතිය හරහා සිදුකිරීමට සැලසුම් කර ඇත.
මෙම යාත්‍රා සේවාවෙන් උපයන ආදායම ඩෙල්ෆ්ට් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී ජනතාවගේ ජීවනෝපාය සංවර්ධන කටයුතු සඳහා යොදවා ගැනීමට නියමිතය.
ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යවරයා ඉදිරිපත් කළ මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart