April 9, 2026

හම්බන්තොට අන්තර්ජාතික වරාය දෙවැනි පිවිසුම් දොරටුව ඉදිරිපිට අද අලුයම ලංගම බස් රථයක් සහ බැකෝ යන්ත්‍රයක් ගැටීමෙන් බස් රථයේ ගමන්ගත් තිදෙනකු තුවාල ලබා හම්බන්තොට මහරෝහලට ඇතුළත් කර ඇති බව හම්බන්තොට වරාය පොලිසිය කියයි.

ශ්‍රීලංගම බස් රථයේ කොන්දොස්තර සහ තවත් මගීන් දෙදෙනකු මෙලෙස තුවාල ලබා ඇත.

බස් රථයට දැඩි හානි සිදුව තිබේ.

අම්බලන්තොට ඩිපෝවට අයත් බස් රථය හම්බන්තොට සිට කොළඹ බලා ධාවනය වූ අතර ලෝඩර් යන්ත්‍රය වරාය පිවිසුමෙන් වරාය තුළට ගමන් කිරීම වැරදි දිශාවෙන් සිදුකර ඇති බව පරීක්‍ෂණ පවත්වන වරාය පොලිසිය කියයි.

බස් රථයේ රියදුරු සහ ලෝඩර් යන්ත්‍රයේ රියදුරු වරායේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.(ලංකාදීප)