
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නීති විද්‍යාලයට ඇතුළු වීම සඳහා සහ ජාතික හැඳුනුම්පතක් මෙන්ම විදේශ ගමන් බලපත්‍රය ලබාගැනීමට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කළ නීතිඥයකුට අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබේ.
නීතිපතිවරයා ඔහුට එරෙහිව චෝදනා පහක් යටතේ අධිචෝදනා ගොනුකර ඇත.
නඩුව විභාගයට ගත් අවස්ථාවේදී විනිසුරුවරයා මෙම නඩුව අගෝස්තු 22 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස රජයේ නීතිඥවරයාට නියෝග කළේය.
මෙම නඩුවේ විත්තිකරු අනුරාධපුරයේ නිල නොවන අයුරින් නීතිඥයකු ලෙස කටයුතු කර ඇති නිසා නඩුව විභාග කිරීම සඳහා වෙනත් විනිසුරුවරයකු පත්කරන ලෙස අනුරාධපුර මහාධිකරණ විනිසුරු විරාජ් රණතුංග අගවිනිසුරුවරයාට කළ ඉල්ලීම මත උතුරුමැද පළාත් අභියාචනාධිකරණ විනිසුරු පී.එම්. තිලකරත්න මෙම නඩුව විභාග කිරීම සඳහා පත්කර ඇත.
විත්තිකරුගේ නීත්‍යනුකූල උප්පැන්න සහතිකයට අනුව විත්තිකරුගේ උපන් දිනය 1980 ජූනි 17 වැනිදා වන අතර ඔහුගේ ව්‍යාජ උප්පැන්න සහතිකයේ උපන් දිනය සඳහන්ව ඇත්තේ 1983 ජනවාරි 29 ලෙසයි.
විමර්ශනවලදී හෙළි වී ඇත්තේ ඔහුගේ උප්පැන්න සහතික දෙකේ නම් වෙනස් අතර බවත් ඔහු සතුව නම් දෙක සහිත හැඳුනුම්පත් දෙකක් තිබූ බවත්ය.
ඔහු නීති විද්‍යාලයට ඇතුළත් වීමට සහ විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා ව්‍යාජ උප්පැන්න සහතිකය ඉදිරිපත් කර ඇති අතර එය විදේශ ගමන් සඳහා භාවිත කර ඇත.
හිදෝගම ප්‍රදේශයේ සිවිල් ඉංජිනේරුවරයකු වන නාමල් සුරේන්ද්‍ර වික්‍රමසිංහගෙන් ලද පැමිණිල්ලකට අනුව අනුරාධපුර අපරාධ විමර්ශන අංශය විසින් විමර්ශන සිදු කර තිබිණි.
අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු විභාගයකින් පසු නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව අධි චෝදනා ගොනුකර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart