
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අමෙරිකා එක්සත් ජනපදයේ උපත ලබන සංක්‍රමණිකයන්ගේ දරුවන්ට සහතික කර ඇති ‘උපත් අයිතියෙන් ලැබෙන පුරවැසිභාවය’ (Birthright Citizenship) සීමා කිරීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් දැඩි උත්සාහය එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 6ට 3ක් ලෙස ඡන්දයකින් නිෂ්ප්‍රභ කර තිබේ. මෙය සංක්‍රමණික නීති දැඩි කිරීමට බලාපොරොත්තු වූ ට්‍රම්ප් පරිපාලනය ලැබූ දැවැන්ත දේශපාලන සහ නීතිමය පරාජයකි.
මීට පෙර ගෝලීය තීරුබදු පැනවීමට ට්‍රම්ප් ගත් තීරණය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බලරහිත කළ අතර, මෙය මේ වසරේදී ඔහුගේ ප්‍රතිපත්තියක් අධිකරණය හමුවේ පරාජයට පත් වූ දෙවැනි අවස්ථාවයි. මාපියන් දෙදෙනාම අමෙරිකානු පුරවැසියන් හෝ ස්ථිර පදිංචිකරුවන් නොවන අවස්ථාවලදී, එරට උපදින දරුවන්ට පුරවැසිභාවය ලබානොදෙන ලෙස ට්‍රම්ප් නිකුත් කර තිබූ විධායක නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙලෙස වළක්වාලන ලදී.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අගවිනිසුරු ජෝන් රොබට්ස් සඳහන් කළේ, අමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි සංශෝධනය මඟින් එරට උපදින ඕනෑම අයෙකුට පුරවැසිභාවය සහතික කර ඇති බවයි. “එදා මෙන්ම අදත් පුරවැසිභාවය යනු අයිතිවාසිකම් ලැබීමට ඇති අයිතියයි,” යනුවෙන් ඔහු පවසා තිබේ.
කෙසේවෙතත්, ට්‍රම්ප් පරිපාලනය වෙනුවෙන් පෙනී සිටි නීතිවේදීන් තර්ක කළේ, මෙම නීතිය අවභාවිත කරමින් විදේශිකයන් විශාල වශයෙන් “බදු සංචාරක ව්‍යාපාරය” හරහා අමෙරිකාවට පැමිණ දරුවන් බිහිකරන බවයි. එහෙත් 1898 වසරේ පැවති ‘Wong Kim Ark’ නඩු තීන්දුව ද පූර්වාදර්ශයට ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේ වසර 128ක සිට පැවතෙන මෙම මූලික අයිතිය වෙනස් කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි.
කැලිෆෝනියා සහ නිව්යෝර්ක් ප්‍රාන්තවල ඩිමොක්‍රටික් පක්ෂ නීතිපතිවරුන් මෙම තීන්දුව අගය කර ඇති අතර, මෙය අමෙරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ සහ සමානත්වයේ ජයග්‍රහණයක් බව ඔවුහු පෙන්වා දෙති. මෙම ඓතිහාසික තීන්දුව ප්‍රකාශයට පත් වූයේ අමෙරිකාවේ 250 වැනි නිදහස් දින සැමරුමට සමගාමීව වීම විශේෂත්වයකි. මෙමඟින් වාර්ෂිකව අමෙරිකාවේ උපදින සංක්‍රමණික දරුවන් ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ පුරවැසි අයිතිය සුරක්ෂිත වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart