
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් වූ පොතුවිල් මුහුදු සීමාවේදී අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත් ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු නිරුපද්‍රිතව මුදාගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත්ව තිබේ. මෙම විශේෂ මුදාගැනීමේ මෙහෙයුම 2026 ජූලි මස 17 වන දින සාර්ථකව ක්‍රියාත්මක කර ඇත.
පොතුවිල් වෙරළේ සිට නාවික සැතපුම් 15ක් පමණ දුරින් ආපදාවට පත්ව තිබූ මෙම ධීවර යාත්‍රාව පිළිබඳව මුලින්ම තොරතුරු වාර්තා වී තිබුණේ කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙතයි. එම දැනුම්දීමට වහාම ප්‍රතිචාර දක්වමින්, ශ්‍රී ලංකා නාවික නෞකා ‘විජයබාහු’ නෞකාව ඇතුළු නාවික හමුදා යාත්‍රා කිහිපයක් යොදවා විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කෙරිණි.
එම සෝදිසි මෙහෙයුමේදී ආපදාවට පත් යාත්‍රාවේ සිටි ධීවරයා සොයා ගැනීමට නාවික හමුදා නිලධාරීන්ට හැකි වී තිබේ. නිරුපද්‍රිතව මුදාගත් ධීවරයා වහාම ‘විජයබාහු’ නෞකාව වෙත ගෙන ආ අතර, එහිදී ඔහුට අවශ්‍ය මූලික ප්‍රථමාධාර ලබා දීමට කටයුතු කෙරිණි. අනතුරුව කඩිනමින් ගොඩබිම වෙත රැගෙන ආ ධීවරයාව වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමට ද නාවික හමුදාව පියවර ගෙන ඇත.
කොළඹ නාවික අනුඛණ්ඩයේ පිහිටි සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ මෙහෙයවීමෙන්, ශ්‍රී ලංකාවට අයත් සමුද්‍රීය කලාපය තුළ අනතුරට පත්වන නාවික සහ ධීවර ප්‍රජාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඕනෑම මොහොතක කඩිනම් ප්‍රතිචාර දැක්වීමට නාවික හමුදාව නිරන්තර සූදානමින් සිටින බව නාවික හමුදා මූලස්ථානය වැඩිදුරටත් අවධාරණය කරයි.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart