
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
12 හැවිරිදි පාසල් සිසුවියකට ලිංගික අතවර කළැයි සැකපිට ගාල්ල ප්‍රදේශයේ පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරයකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, අතවරයට ලක්ව ඇත්තේ සැකකරුගේ නිවසේ පැවැති උපකාරක පන්තියකට සහභාගී වූ සිසුවියක බවයි.
සිසුවිය පන්තිය නිමවී, ඇයව රැගෙන යෑමට සොයුරිය පැමිණෙන තුරු තනිව සිටියදී සැකකරු විසින් දැරියට ලිංගික අතවර කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
දහවල් 12.30ට පන්තිය අවසන් වූ පසු සැකකරු තමා කාමරයකට කැඳවාගෙන ගොස් තේ සංග්‍රහ කර තමාව අපයෝජනය කළ බව වින්දිත දැරිය පොලිසියට ප්‍රකාශ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart