
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පවතින උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් ක්‍රීඩා තරඟ සහ අනෙකුත් එළිමහන් ක්‍රියාකාරකම් කල්දැමීමට උපදෙස් දෙමින් අධ්‍යාපන අමාත්‍යංශය විසින් රජයේ පාසල් වෙත නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
අමාත්‍යංශ ලේකම් වසන්තා පෙරේරා විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයට අනුව දරුවන්ගේ සෞඛ්‍ය අවදානම් සැළකිල්ලට ගනිමින් චක්‍රලේඛය පිළිපදින ලෙස සියලුම රජයේ පාසල්වල විදුහල්පතිවරුන්ට දන්වා ඇත.
ඒ අනුව 2024 වසරේ පළමු අධ්‍යයන වාරයේ දෙවැනි හෝ තෙවැනි අදියර දක්වා එනම් 2024 අප්‍රේල් 24තෙක් ක්‍රීඩා තරඟ සහ අනෙකුත් එළිමහන් ක්‍රියාකාරකම් කල් දමන ලෙස පාසල්වලට උපදෙස් ලබා දී ඇත.
මෙම කාලසීමාව තුළ දරුවන්ගේ සෞඛ්‍යය සහ ආරක්ෂාව පදනම් කර ගනිමින් ක්‍රියා කරන ලෙස ද අමාත්‍යංශය පාසල්වලින් ඉල්ලා ඇත.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart