
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වර්ෂ 2007 මිරිහාන ප්‍රදේශයෙන් වාර්තා වූ බස් රථයක් අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් ප්‍රාථමික පාසල් සිසුවියක් සහ ඇගේ මිත්තණිය මියයෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් එහි රියදුරුට වසර 12ක සිරදඬුවමක් නියම කර ඇත.
කොළඹ මහාධිකරණ විනිසුරු මහාචාර්ය නාමල් බණ්ඩාර විසින් බදාදා (06) මෙම දඩුවම් නියම කර තිබේ.
විත්තිකරු 2007 වසරේ ජනවාරි මස මිරිහාන ප්‍රදේශයේදී අබලන් වූ බස් රථයක් අපරික්ෂාකාරී ලෙස සහ අධික වේගයෙන් ධාවනය කර ඇති අතර, එය නවතා තිබූ ත්‍රිරෝද රථ තුනක ගැටී ඇත.
එක් ත්‍රිරෝද රථයක් තුළ සිටි 05 හැවිරිදි පාසල් දැරිය සහ ඇගේ මිත්තණිය එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, බස් රථයේ සිටි මගීන් කිහිපදෙනකු ද බරපතල තුවාල ලබා තිබේ.
අනතුර සම්බන්ධයෙන් චෝදනා කිහිපයක් යටතේ බස් රථ රියදුරුට සහ බස් රථයේ හිමිකරුට එරෙහිව නඩු පවරා ඇත.
නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අධිකරණය බස් රථයේ රියදුරුට වසර 12ක සිර දඬුවමක් සහ රුපියල් 18,000ක දඩයක් නියම කර ඇති අතර, බස් රථයේ හිමිකරුට රුපියල් 21,000ක දඩයක්ද නියම කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart