
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායමේ හිටපු නායිකා ශෂිකලා සිරිවර්ධන, ඕස්ට්රේලියාවේ වික්ටෝරියා හි ‘ප්ලෙන්ටි වැලි’ ක්රිකට් සමාජයේ පූර්ණ කාලීන පුහුණුකාරිනියක ලෙස කටයුතු කරමින් ඇගේ ක්රිකට් දිවියේ නව පරිච්ඡේදයක් ආරම්භ කර තිබේ.
මීට පෙර ක්රීඩිකාවක මෙන්ම පුහුණුකාරිනියක ලෙස ද කටයුතු කළ ඇය, මෙවර 2026-27 තරග වාරයේදී ප්ලෙන්ටි වැලි සමාජයේ කාන්තා කණ්ඩායම්වල පුහුණුකාරිත්වය සඳහා පමණක් සම්පූර්ණයෙන්ම අවධානය යොමු කිරීමට තීරණය කර ඇත.
ක්රිකට් ඕස්ට්රේලියා නිල වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් ඇය සඳහන් කළේ, පුහුණුකාරිනියක ලෙස අත්දැකීම් ලබන අතරතුර නැගී එන යොවුන් ක්රීඩිකාවන්ගේ දක්ෂතා වර්ධනය කිරීමට ලැබුණු මෙම අවස්ථාව තමන් ඉතා උනන්දුවෙන් භුක්ති විඳින බවයි.
2020 විස්සයි20 කාන්තා ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ජාත්යන්තර ක්රිකට් පිටියෙන් සමුගත් මෙම ප්රබල තුන්ඉරියව් ක්රීඩිකාව, අනතුරුව දෙවන මට්ටමේ පුහුණුකාරිත්ව සහතිකය ලබා ගත්තාය. පසුව ඇය මංගල 19න් පහළ කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්රී ලංකා 19න් පහළ කාන්තා කණ්ඩායමේ පුහුණුකාරිනියක ලෙස ද කටයුතු කළාය.
තම පුහුණුකාරී දිවිය තවදුරටත් වර්ධනය කරගැනීමේ අරමුණින් ඕස්ට්රේලියාව බලා ගිය ඇය, මුලින්ම බ්රිස්බේන් හි ‘වින්නම්-මැන්ලි’ කණ්ඩායමට ක්රීඩිකාවක සහ සහකාර පුහුණුකාරිනියක ලෙස සම්බන්ධ වූවාය.
2024 වසරේදී මෙල්බර්න් හි ‘බොක්ස් හිල්’ ක්රිකට් සමාජයට එක්වූ ඇය, 2025 වසරේදී ප්ලෙන්ටි වැලි කණ්ඩායමේ නායක-පුහුණුකාරිනිය ලෙස කටයුතු ආරම්භ කළාය.
යොවුන් ක්රීඩිකාවන්ගේ කුසලතා වර්ධනය කිරීමත්, කණ්ඩායමේ ජයග්රාහී අරමුණු සාක්ෂාත් කරගනිමින් ශක්තිමත් කණ්ඩායම් සංස්කෘතියක් ගොඩනැගීමත් අතර මනා සමබරතාවක් පවත්වා ගැනීම තම වත්මන් භූමිකාවේ ප්රධාන අරමුණ බව ශෂිකලා සිරිවර්ධන වැඩිදුරටත් පැවසුවාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart