
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයේ ‘අභ්යවකාශ මධ්යස්ථානයක්’ (Spaceport) පිහිටුවීමට ඊශ්රායලය ඇතුළු විදේශීය බලවතුන් සැලසුම් කරමින් සිටින බවත්, පවතින ජාතික ජන බලවේග ආණ්ඩුව ඇමරිකාවේ අභ්යවකාශ ආරක්ෂක කටයුතුවලට සම්බන්ධ වෙමින් සිටින බවත් ශ්රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය චෝදනා කරයි.
එහි ප්රධාන ලේකම් වෛද්ය ජී. වීරසිංහගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ශ්රී ලංකා හමුදාව ඇමරිකාව ප්රමුඛ බලවතුන්ගේ හමුදා සමඟ ඒකාබද්ධ කිරීමේ ක්රියාවලියක් ක්රියාත්මක වන බවයි. 2017 ඇක්සා (ACSA) ගිවිසුම, මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමඟ ඇති කරගත් ගිවිසුම් සහ මැදපෙරදිග ඇමරිකානු මෙහෙයුම්වලට ශ්රී ලංකා නාවික හමුදාව දායක වීම හරහා මෙම තත්ත්වය නිර්මාණය වී ඇති බව එම පක්ෂය පෙන්වාදෙයි.
මෑතකදී ඇමරිකානු ඉන්දු-පැසිෆික් අභ්යවකාශ බලකායේ (USSPACEFOR-PAC) නියෝජිත පිරිසක් ශ්රී ලංකාවේ සංචාරය කරමින් නාවික හා ගුවන් හමුදා ප්රධානීන් හමුවී අභ්යවකාශ සහ කලාපීය ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ සාකච්ඡා කර ඇත. මෙයට සමගාමීව ඇමරිකානු ‘USS Canberra’ යුධ නෞකාව ද මෙරටට පැමිණි අතර, මෙමගින් ශ්රී ලංකාව ඇමරිකානු ආරක්ෂක ව්යූහයට වඩාත් ගැඹුරින් ඈඳාගනිමින් සිටින බවට කොමියුනිස්ට් පක්ෂය චෝදනා කරයි.
විශේෂයෙන්ම, ඊශ්රායලයේ සහාය ඇතිව නැගෙනහිර වෙරළේ අභ්යවකාශ මධ්යස්ථානයක් පිහිටුවීමට යන බවට ලැබෙන වාර්තා ඉතා බරපතල ලෙස සැලකිය යුතු බව එම නිවේදනයේ සඳහන් වේ. මීට පෙර ගාසා තීරයේ සහ ලෙබනනයේ මෙහෙයුම්වලින් පසු ඊශ්රායල සෙබළුන් සඳහා නැගෙනහිර වෙරළේ විවේක මධ්යස්ථාන සහ නීති විරෝධී ජනාවාස ඇති කිරීමට දැරූ උත්සාහයන්හි තවත් පියවරක් ලෙස මෙය සැකකළ හැකි බව පක්ෂය පවසයි. මෙවැනි පියවරක් මගින් චීනය, රුසියාව සහ ඉරානය වැනි ශ්රී ලංකාවට හිතවත් රටවලට මෙන්ම මලක්කා සමුද්රසන්ධිය දෙසට දිවෙන නාවික මාර්ගවලට ද තර්ජනයක් එල්ල විය හැකි බව කොමියුනිස්ට් පක්ෂය පෙන්වාදෙයි.
එබැවින්, ඇමරිකාව සහ ඊශ්රායලය සමඟ පවතින හමුදාමය සහයෝගීතාවයේ ප්රමාණය, අභ්යවකාශ මධ්යස්ථාන යෝජනාවේ සත්ය අසත්යතාව සහ ශ්රී ලංකා භූමිය විදේශීය යුධ මෙහෙයුම් සඳහා භාවිත කිරීම වැළැක්වීමට ගෙන ඇති පියවර මොනවාදැයි වහාම රටට හෙළි කරන ලෙස කොමියුනිස්ට් පක්ෂය රජයෙන් ඉල්ලා සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart