
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2025 වසරේදී අංශභාග තත්ත්වයකට මුහුණ දුන් 97 හැවිරිදි බෙටී බ්රෝමේජ් නමැති කාන්තාව, ලොව වයස්ගතම පියාපත් මතින් ඇවිදින්නිය (Oldest Female Wing Walker) ලෙස තමන් තබා තිබූ ගිනස් ලෝක වාර්තාව නැවතත් අලුත් කිරීමට සමත්ව තිබේ.
එක්සත් රාජධානියේ චෙල්ටන්හැම් හි පදිංචි ඇය, වසර හතරකට පෙර මෙම අභියෝගයම ජයගනිමින් තැබූ වාර්තාව මෙලෙස බිඳහෙලා ඇත්තේ, තමන් අසනීප වූ අවස්ථාවේදී උපකාර කළ චෙල්ටන්හැම් ජෙනරල් රෝහලේ අංශභාග ප්රතිකාර ඒකකය සඳහා මුදල් අරමුදල් රැස්කිරීමේ අරමුණෙනි.
වයස අවුරුදු 87 සිට මේ දක්වා මෙවැනි wing walk අභියෝග 6කට ඇය මුහුණ දී ඇත.
ඒ පිළිබඳව අදහස් දක්වමින් ඇය පවසන්නේ, “එසේ නොවුණා නම් මට ජීවිතය කලකිරෙනවා. මට රිය පදවන්න බැහැ, මගේ පෙනීමත් දුර්වලයි. ඒ නිසා මට කළ හැකි දේවල් කිරීමට මම උත්සාහ කරනවා” යනුවෙනි.
පසුගිය වසරේ අගෝස්තු මාසයේදී වැළඳුණු අංශභාග තත්ත්වය හේතුවෙන් ඇගේ කථන හැකියාවට යම් බාධාවක් වී තිබුණද, රෝහල් කාර්ය මණ්ඩලය තමන්ට ඉතා හොඳින් උපකාර කළ බව ඇය සිහිපත් කරයි.
තමන් මීට පෙර හෙදියක් ලෙස සේවය කළ රෝහලක තාප්පයක තිබූ උපදේශාත්මක වැකියකින් ආභාසය ලබා ඇය මෙලෙස අරමුදල් රැස්කිරීමේ සමාජ සේවාවල නිරත වේ.
අහස්යානයට ගොඩවීම හැර පියාපත මත සිටින විට කිසිදු බයක් නොදැනෙන බව පවසන ඇය, තමන්ට වයස අවුරුදු 100 සම්පූර්ණ වන විට මීටත් වඩා විශේෂිත වූ යම් අභියෝගයක් කිරීමට බලාපොරොත්තු වන බව වැඩිදුරටත් පැවසුවාය.
චෙල්ටන්හැම් සහ ග්ලූස්ටර් රෝහල් අරමුදලේ ඉමොජන් සිම්ස් සඳහන් කළේ, ඇය ලබාදෙන මෙම අරමුදල් රෝහල් උපකරණ මිලදී ගැනීමටත්, රෝගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ සුභසාධනයටත් විශාල ශක්තියක් වන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart