July 6, 2025

කුරුවිට, දේවි පහළ, දොඩන් ඇල්ල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණ කාන්තාවකගේ ගෙළ පිහියකින් කපා ඝාතනය කළ බවට 17 හැවිරිදි පිරිමි ළමයකු පාපොච්චාරණය කර තිබේ.

ලිංගික අතවර කිරීමට උත්සාහ කළ අවස්ථාවේ කාන්තාවගේ ආක්‍රමණශීලී හැසිරීම හේතුවෙන් මෙම ඝාතනය සිදුකළ බවට සැකකරු ප්‍රකාශ කළ බව පොලිසිය පවසයි.

මරණයට පත් කාන්තාවට අයත් රන් මාලයක්, ජංගම දුරකථනයක් සහ අත්බෑගයක් පසුවවෙනත් ප්‍රදේශයකින් සොයාගෙන ඇත.

පාසල් නොයන හෝ රැකියාවක් නොකරන සැකකරු පසුගිය බ්‍රහස්පතින්දා පොලිස් K9 ඒකකයේ සහාය ඇතිව අත්අඩංගුවට ගන්නා ලදී.

අධිකරණ නියෝගයක් අනුව, ඔහු දෙහිඕවිට ළමා රැඳවුම් මධ්‍යස්ථානයේ තබා ඇත.

සැකකරු වයස අවුරුදු 18 සම්පූර්ණ වූ පසු බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර ඇති බව පොලිසිය පවසයි.

මරණයට පත් කාන්තාවගේ අවසන් කටයුතු ඊයේ (ජූලි 5) පස්වරුවේ කුරුවිට සුසාන භූමියේදී පැවැත්විණි.

සිද්ධිය සිදුවී ඇත්තේ ජූලි 2 වන දින දහවල් රැකියාව නිමවී නිවසට යමින් සිටියදීය.