July 25, 2025

පොළො­න්න­රුව මාදු­රු­ඔය ඉසඩ් ඩී ප්‍රධාන ඇළට පිඹු­ර­ත්තෑව ප්‍රදේ­ශ­යෙන් වැටී සිටි වන අලි­යකු පැය 11ක මෙහෙ­යු­ම­කින් පසු බේරා­ගත් බව පිඹු­ර­ත්තෑව වන­ජීවි නිල­ධා­රිහු පව­සති.

මෙම වන­අ­ලියා ඉසඩ් ඩී ඇළට වැටී කිලෝ­මී­ටර් 20ක පමණ දුරක් ජලයේ සැඩ පහ­රට ගසා­ගෙන යද්දී මෙම මෙහෙ­යුම සිදුකර අර­ලං­ග­විල මැද­ලම ප්‍රදේ­ශ­යෙන් අලියා බේරා­ගෙන ගොඩට ගත් බවත්, පසුව වෙහෙ­ර­ගම රක්ෂි­ත­යට පල­වා­හැරි බවත් වන­ජීවි නිල­ධා­රීහු පව­සති.

බීමට ජලය සොයා පැමිණි එම වන­අ­ලියා ගොඩට ගැනීම සඳහා අර­ල­ගං­විල පොලී­සිය සහ ප්‍රදේ­ශ­වා­සීන්ගේ ද සහාය ලැබුණු බවත්, එම අලි­යාගේ වයස අවු­රුදු හත­ළි­හක් පමණ වන බවත් පිඹු­ර­ත්තෑව සහ­කාර අඩවි ආර­ක්ෂක, එස්.ඒ. වික්‍ර­ම­රත්න මහතා අප කළ විම­සී­ම­කදී පැව­සීය.

මාදු­රු­ඔය ජාතික වනෝ­ද්‍යා­නයේ සිට බීමට ජලය සොයා පැමි­ණී­මේදී එම අලියා ඉසඩ් ඩී ප්‍රධාන ඇළට වැටී ඇති බවට සැකකරන බවද ඒ ඔහු කීය. ඉසැඩ් ඩී ඇළට වැටුණු වන­අ­ලියා කොන්ක්‍රීට් බෝක්කු අත­රින් අවස්ථා කිහි­ප­ය­ක­දීම ඇද වැටී ඇති අතර ගොඩ­ගත් එම අලි­යාගේ ශරී­රයේ වෙඩිවැදුණු ලකුණු කීප­යක් දක්නට තිබුණු බවත් වන­ජීවී නිල­ධා­රීහු පව­සති.

මීට පෙර අවස්ථා කීහි­ප­ය­ක­දීම වසර ගණ­නා­වක් ඉසඩ් ඩී ප්‍රධාන ඇළට වන­අලි වැටී ජලයේ සැඩ­ප­හ­රට ගසා­ගෙන ගොස් ඇත. එම වන­අලි ගොඩ ගැනී­මට වන­ජීවි නිල­ධා­රීන්ට කාලය, ධනය, ශ්‍රමය, විශාල වශ­යෙන් වැය කිරී­මට සිදු­වන බවද ප්‍රදේ­ශ­වා­සීහු සඳ­හන් කරති.

වන­අලි වැටී­මෙන් පසු එම කොන්ක්‍රීට් ඇළෙන් අලින්ට ගොඩ­යෑම සඳහා කොන්ක්‍රීට් පඩි­පෙළ සක­සන්නේ නම් වන­ජීවී නිල­ධා­රීන්ට ඉතා­මත් පහ­සු­වක් වනවා සේම වන­අ­ලින්ට ද එම­ඟින් සිදු වන හානි අවම වන බවත් වන­අ­ලින්ට ඉතා ඉක්ම­ණින් ගොඩ­යෑමේ හැකි­යාව තිබෙන බවද ප්‍රදේ­ශයේ ගොවි සංවි­ධාන නියෝ­ජි­ත­යන් සහ සිවිල් ක්‍රියා­කා­රීහු පව­සති.