
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගය ජයග්‍රහණය නොකරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
දේශපාලන රැලියක් අමතමින් හිටපු ජනාධිපතිවරයා පැවසුවේ, ජාතික ජන බලවේගයට බොහෝ සභාවල බහුතරයක් ලබාගැනීමට ද නොහැකි වනු ඇති බවයි.
සාමූහිකව බහුතරය ලබාගැනීමෙන් බලය අල්ලා ගැනීමට තම මැතිවරණ ව්‍යාපාරය අපේක්ෂා කරන බවද රනිල් වික්‍රමසිංහ පැවසීය.
“සමගි ජන බලවේගය ගැන මම දන්නේ නෑ. නමුත් තවත් කණ්ඩායම් කිහිපයක් මේකට සහයෝගය පළකර තියෙනවා. ප්‍රාදේශීය සභාවක සභාපතිවරයා තෝරා පත්කර ගන්නේ කවුන්සිලයේ පක්ෂ සාමාජිකයන් සංඛ්‍යාව මත. ඒ නිසා, අපේ අරමුණ මෙම සභා සඳහා පුළුවන් තරම් සාමාජිකයින් තෝරා පත්කර ගැනීම” ඔහු පැවසීය.
ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගය අවස්ථාවක් ඉල්ලා සිටි බවත්, එය ඔවුන්ට ලබාදුන් බවත් පවසමින්, එහි ප්‍රතිඵලය කුමක්දැයි හිටපු ජනාධිපතිවරයා ප්‍රශ්න කළේය.
“මම කිව්වා L-බෝඩ් පුද්ගලයන්ට බලය ලබාලබාදෙන්න එපා කියලා, පළපුරුදු පුද්ගලයන්ට ලබාදෙන්න කියලා. නමුත් L-බෝඩ් පුද්ගලයන් තේරී පත්වුණා. දැන්, වාහනය දැනටමත් කැඩිලා නේද? මුකුත්ම ඉතුරුවෙලා නැහැ?” ඔහු තවදුරටත් පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart