
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අදානි පවර් (Adani Power) සමාගම විසින් ඉන්දියාවේ Jharkhand ප්‍රාන්තයේ ගොඩා (Godda) බලාගාරයේ නිෂ්පාදනය කරන බංග්ලාදේශයට සම්බන්ධ කෙරෙන විදුලි බලය, ශ්‍රී ලංකාව වැනි අසල්වැසි රටවලට විකිණීමේ ක්‍රම ගවේෂණය කරමින් සිටින බව වාර්තා වේ.
2X800 MW ධාරිතාවයකින් යුත් Jharkhand බලාගාරය බංග්ලාදේශයට විදුලිය සැපයීම සඳහා Adani Power සමාගම ක්‍රියාත්මක කරන සෘජු ව්‍යාපෘතියකි.
බංගලාදේශයේ දේශපාලන වෙනස්වීම් හේතුවෙන් යම් යම් ගැටළු මධ්‍යයේ සමාගම බලාගාරයෙන් බංගලාදේශයට විදුලිය සැපයීමේ ප්‍රමාණය අඩුකර ඇත.
ව්‍යාපෘතිය පවත්වාගෙන යෑම සඳහා දේශීය වෙළඳපොලේ විදුලිය විකිණීමට ඉන්දීය රජය මෑතකදී අවසර ලබාදුන්නද, මෙම බලාගාරය සම්බන්ධයෙන් නව සම්ප්‍රේෂණ ජාලයක් අවශ්‍ය බව ‘හින්දු බිස්නස් ලයින්’ වාර්තා කරයි.
කෙසේවෙතත්, ගොඩා බලාගාරයෙන් ශ්‍රී ලංකාවට විදුලි බලය විකිණීම සඳහා බංග්ලාදේශ රජයේ අනුමැතිය අවශ්‍ය වේ.
“ගොඩා බලාගාරයෙන් ශ්‍රී ලංකාවට විදුලිය විකිණීම සඳහා ඔවුන්ට බංග්ලාදේශ විදුලි බල සංවර්ධන අධිකාරියේ අනුමැතිය අවශ්‍ය වනු ඇතැයි මම විශ්වාස කරමි,” බංග්ලාදේශයේ විදුලිබල, බලශක්ති සහ ඛනිජ සම්පත් අමාත්‍යාංශයේ උපදේශක මුහම්මද් ෆවුසුල් කබීර් ඛාන් ජනමාධ්‍ය වෙත පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart