
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගින්නකින් දැඩි ලෙස හානි වී තිබූ ප්‍රංශයේ නොට්රෙ-ඩේම් ආසන දෙව්මැදුර(නොත්‍රදාමය) යළි විවෘත කරනු ලැබීය.
ඒ සඳහා ලෝක නායකයන් රැසක් ප්‍රංශයේ පැරිස් අගනුවරට රැස්ව සිටි බව විදෙස් ජනමාධ්‍ය පවසයි.
මීට වසර 05 කට පෙර ගටගත් ගින්නකින් හානි වූ නොට්‍රේ-ඩේම් ආසන දෙව්මැදුර යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස ද ප්‍රකාශයට පත් කර තිබේ.
එබැවින් දෙව්මැදුරේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ප්‍රංශයට ලොව පුරා විවිධ කොටස්වලින් ආධාර හිමිව තිබිණි.
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් සහ ලොව පුරා සිටින අනෙකුත් රාජ්‍ය නායකයන් සහභාගී වූ උත්සවයක් ඊයේ පැරිස් නුවර පැවැති අතර එහිදී පැරිස් අගරදගුරු ලෝරන්ට් උල්රිච් විසින් දේවමෙහෙයන් සිදු කිරීමෙන් අනතුරුව දෙව්මැදුර යළි විවෘත කර තිබේ.
ඒ සඳහා සහභාගි වූ ලෝක නායකයන් අතර අමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් ස්ලෙනෙස්කි ද වීම විශේෂත්වයකි.
“අද රාත්‍රියේ, මම ඔබ ඉදිරියේ පෙනීසිටිමි ප්‍රංශ ජාතියේ කෘතඥතාව ප්‍රකාශ කිරීමට – නොට්‍රේ-ඩේම් බේරාගත්, උදව් කළ සහ නැවත ගොඩනැගූ සැමට කෘතඥතාව පළ කරමි,” යනුවෙන් උත්සවයට සහභාගී වෙමින් ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් පැවසීය.
“අද රාත්‍රියේ, නොට්‍රේ-ඩේම්හි සීනු නැවත නාද වනු ඇත.” ඔහු සතුටින් පැවසුවේය.
2019 දී හටගත් ගින්නෙන් 12 වන සියවසේ ආදරණීය ගොතික් ආසන දෙව්මැදුර බිඳවැටීමට ආසන්න වී තිබිණි.
ගිනිදැල් නොට්‍රේ-ඩේම් හි වහලය පුරා පැතිරී තිබූ අතර ගින්න නිවාදැමීම සඳහා ගිනි නිවන භටයන් සිය ගණනක් යොදවා තිබිණි.
සෙනසුරාදා පැවැති දෙව්මැදුර නැවත විවෘත කිරීමේ උත්සවය අතරතුර ගින්න මැඩපැවැත්වීමට උදව් කළ ප්‍රංශ ගිනි නිවන භටයින්ට ප්‍රශංසාව පුදකෙරිණි.
ස්තූතිය සඳහා භාවිත කරන “merci” යන වචනයෙන් දෙව්මැදුරේ ඉදිරිපස ද ආලෝකමත් විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart