
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගෑස් ආනයනය කර පාරිභෝගිකයන්ට සැපයීමට ලාෆ්ස් ගෑස් සමාගම කටයුතු නොකරන්නේ නම් රජය ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ අද ප්‍රකාශ කළේය.
ඔහු ජනමාධ්‍යවේදීන් අමතමින් කියාසිටියේ ලිට්‍රෝ ගෑස් සමාගම මගින් සපයන ගෑස්වල හිඟයක් වෙළඳපොළේ නොමැති බවයි.
”අපේ රටේ ලිට්‍රෝ සහ ලාෆ්ස් කියන ගෑස් සමාගම් දෙකක් තියෙනවා. දැනට ලිට්‍රෝ ගෑස් හිඟයක් නැහැ. ලාෆ් ගෑස් වෙළඳපොළේ පවතින හිඟයට එම සමාගම හේතු පැහැදිලි කළ යුතුයි. ලාෆ් ගෑස්, ගෑස් ආනයනය කිරීමට සහ සැපයීමට මැදිහත් වීමට අපොහොසත් වුවහොත් රජය තීරණයක් ගතයුතුයි. ලිට්‍රෝ ගෑස් තොග ඕනෑ තරම් තිබෙනවා. ගෑස් පාරිභෝගිකයන් මුහුණ දෙන ප්‍රශ්නවලට විසඳුම් සෙවීම සඳහා ගෑස් සිලින්ඩර් වෙනස් කිරීමට සිදුවුවහොත් ඒ පිළිබඳව රජයට කඩිනමින් තීරණයක් ගැනීමට සිදුවනවා” යනුවෙන් අමාත්‍යවරයා පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart