
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනවාරි මාසය ඕස්ට්‍රේලියාවේ දෙමළ උරුම මාසය ලෙස පිළිගත යුතු බවට ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්ත්‍රී ඇන්ඩෲ චාල්ටන් විසින් යෝජනා කර තිබේ.
ඔහු එම යෝජනාව ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ එය දෙමළ සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීම සඳහා ඕස්ට්‍රේලියාවට දායක වන බව පවසමිනි.
දෙමළ ජනතාව තෛපොංගල් උත්සවය සමරන බැවින් ජනවාරිය මාසය වැදගත් බව මන්ත්‍රීවරයා පැවසීය.
එම උත්සවය ආචාර ධර්ම, පාලනය සහ මානව සාරධර්ම කෙරෙහි මිනිසුන්ව පොළඹවන බව පවසන ඔහු තිරුක්කුරල් වැනි පැරණි දෙමළ කෘතිය මගින් එය හඳුනාගන්නා බව ද පැවසීය.
දෙමළ උරුම මාසය දේශීය ව්‍යාපාරිකයන්ට ප්රතිලාභ අත්වන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ශ්‍රී ලාංකික දෙමළ ජාතිය දාව උපන් පාර්ලිමේන්තු මන්ත්‍රී මිචෙල් ආනන්ද-රාජා ද මෙම පියවර පිළිගෙන තිබේ.
ඕස්ට්‍රේලියාවේ වෙසෙන දෙමළ ප්‍රජාවට ඔවුන්ගේ උරුමය සැමරීමට මෙම පියවර ඉවහල් වනු ඇතැයි ඇය පැවසුවාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart