
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකා කණඩායමක් ඉනිමකදී ලබාගත් අඩුම, ලකුණු සංඛ්‍යාව අද දකුණු අප්‍රිකානු කණ්ඩායම හමුවේ වාර්තා කරන ලදී.
දකුණු අප්‍රිකාව සමග ඩර්බන්හි පැවත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී සියලුදෙනා දැවී ශ්‍රී ලංකා කණ්ඩායමට රැස්කරගත හැකිවූයේ ලකුණු 42ක් පමණි.
එහිදී ශ්‍රී ලංකා ඉනිම විනාශ කළ දකුණු අප්‍රිකාවේ මාර්කෝ ජන්සන් ඔහුගේ හොදම ටෙස්ට් පන්දු යැවීම වාර්තා කරමින් කඩුලු 07ක් බිඳහෙළන ලදී.
මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් තරගයක ඉනිමකදී රැස්කළ අඩුම ලකුණු සංඛ්‍යාව 1994දී පාකිස්ථාන කණ්ඩායමට එරෙහිව වාර්තා කර තිබූ අතර, එය සටහන්ව ඇති ලකුණු 71ක් ලෙසය.
ටෙස්ට් ඉනිමකදී අඩුම ලකුණු සංඛ්‍යාව වාර්තා ඇත්තේ නවසීලන්ත කණ්ඩායම වන අතර, ඔවුන් ලකුණු 26කට 1955දී එංගලන්තය හමුවේ දැවීගොස් ඇත.
දකුණු අප්‍රිකාව පළමු ඉනිමට සියලුදෙනා දැවී ලකුණු 191ක් රැස්කළ අතර, ඒ අනුව ඔවුන් දෙවැනි ඉනිම ආරම්භ කර ඇත්තේ ශ්‍රි ලංකා කණ්ඩායමට වඩා ලකුණු 149ක් ඉදිරියෙන් සිටිමිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart