
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බංග්ලාදේශය ඊයේ සවස 6 සිට දින නියමයක් නොමැතිව රට පුරා ඇඳිරිනීතිය ප්‍රකාශයට පත්කළේය.
ඊයේ, පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ගැටුම්වලින් පසුව අවම වශයෙන් 76 දෙනකු මියගොස් ඇති අතර බොහෝදෙනකු තුවාල ලබා ඇත.
අගමැතිනි ෂීක් හසිනා ඉල්ලා අස්වන ලෙස ඉල්ලමින් නැවත වීදිවලට පැමිණි දසදහස් ගණනක් විරෝධතාකරුවන් විසුරුවාහැරීමට පොලිසිය කඳුළු ගෑස් සහ ග්‍රෙනේඩ් ප්‍රහාර එල්ල කිරීම නිසා බංග්ලාදේශයේ නව වටයක ප්රචණ්ඩත්වයක් ඇරැඹිණි.
මෙම ප්‍රචණ්ඩත්වයෙන් පොලිස් නිලධාරීන් 13 ක් ඇතුළුව අවම වශයෙන් පුද්ගලයින් 76 දෙනකු මියගොස් ඇති අතර තවත් දුසිම් ගනනක් තුවාල ලබා ඇත.
පොලිසිය සහ සෞඛ්‍ය අංශ විසින් ඉරිදා සවස් වන විට ඩකා අගනුවර සහ උතුරු දිස්ත්‍රික්ක වන බෝගුරා, පබ්නා සහ රංග්පූර් මෙන්ම බටහිරින් මගුරා, නැගෙනහිරින් කොමිලා සහ දකුණේ බැරිසාල් සහ ෆෙනි යන ප්‍රදේශවල මරණ වාර්තා කරන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart