
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු සංචාරක රාජ්‍ය ඇමැති ඩයනා ගමගේගෙන් පෙරේදා (15වැනිදා) පැය 05ක් තිස්සේ ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන ඇත.
තම දෙපාර්තමේන්තුව හමුවේ පෙනීසිටින ලෙස කළ දැනුම්දීමකට අනුව ගමගේ පෙරේදා පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇති අතර ඇයගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි.
ඩයනා ගමගේ පාවිච්චි කරන විදේශ ගමන් බලපත්‍ර හැඳුනුම්පත් ඇතුළු අනෙකුත් සියලු පෞද්ගලික ලිපිගොනු සම්බන්ධයෙන් ද මෙහි දී ඇයගෙන් ප්‍රශ්න කර ඇත.
හිටපු සංචාරක රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේට එරෙහිව නීතිමය පියවර ගන්නා ආකාරය සම්බන්ධයෙන් උපදෙස් ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් ඊයේ දහවල් නීතිපතිවරයා මුණගැසී සාකච්ඡා කර ඇත.
බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලබාගෙන සිටින බව තහවුරු වීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඩයනා ගමගේගේ මන්ත්‍රී ධුරය පසුගියදා අහෝසි කරනු ලැබීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart