
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දිවංගත ඇමැති එම්.එච්.එම්.අෂ්රොෆ්ගේ පවුලේ ඥාතීන්, සිය ඥාතියාට ගෞරව කිරීම වෙනුවෙන් කල්මුණේ දී රුපියල් මිලියන 25ක ඇස්තමේන්තුගත වියදමින් අනුස්මරණ කෞතුකාගාරයක් ඉදිකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ යෝජනාවෙන් ඉවත් වී ඇත.
අභාවප්‍රාප්ත ඇමැතිවරයාගේ පුත් අමන් අෂ්රොෆ් X (කලින් ට්විටර්) ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ, තමන් හෝ සිය මව වන හිටපු ඇමතිනි ෆෙරියල් අෂ්රොෆ් මෙම ව්‍යාපෘතියට සම්බන්ධ නොවන බවයි.
රජයේ යෝජනාව පිළිබඳව අදහස් දක්වමින් අමන් ප්‍රකාශ කර ඇත්තේ, තම පියා ජීවතුන් අතර සිටියේ නම් මෙවැනි ව්‍යාපෘති වෙනුවට, අධ්‍යාපන ප්රමිතීන් ඉහළ නැංවීමට, කෘෂිකර්මාන්තයේ සහ ධීවර ක්ෂේත්රයේ ගැටලු විසඳීමට, විශේෂඥ දැනුමට ප්‍රවේශය ලබාදීමට සහ දිගාමඩුල්ලේ තරුණ තරුණියන්ට නව වෙළඳපොළවල්වල රැකියා අවස්ථා ඇති කිරීමට ඔහු පෙනීසිටින බවයි.
එබැවින් මෙම සැලැස්ම ‘විහිලුවක්’ ලෙස අමන් අෂ්රොෆ් හඳුන්වා ඇත.
දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.එම්.එම්.හාරිස් ප්රමුඛ ප්‍රජාවගේ ඉල්ලීමකට අනුව ‘අෂ්රොෆ් අනුස්මරණ කෞතුකාගාරය’ ඉදිකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් දී ඇති බව පසිගිය බදාදා වාර්තා විය.
ජනාධිපති වික්‍රමසිංහ ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 25ක් වෙන් කර ඇති අතර ප්‍රමාදයකින් තොරව ඉදිකිරීම් ආරම්භ කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දී ඇති බවද ප්‍රකාශ විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart