
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නාවලපිටිය ලංගම බස් ඩිපෝවට අනුයුක්තව සේවය කළ 39 හැවිරිදි බස් රථ රියදුරකු නාවලපිටිය දෙසට බස් රථයක් ධාවනය කරමින් සිටියදී හදිසියේ ඇති වූ රෝගාබාධයක් හේතුවෙන් මියගොස් ඇති බව වාර්තා වේ.
නුවරඑළියේ සිට දිඹුල පතන හරහා නවලපිටිය දක්වා ධාවනය වූ බස් රථයක් ඊයේ (15) සවස කාර්මික දෝෂයකට ලක්ව ඇතැයි පැවැසේ.
මේ හේතුවෙන් බස් රථයේ සිටි මගීන් වෙනත් ලංගම බස් රථයකට මාරුකර යවා ඇත.
කෙසේවෙතත් අබලන් වූ බස් රථය අලුත්වැඩියා කර නැවත නාවලපිටිය දක්වා ධාවනය කරමින් තිබියදී රියදුරු හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ කොන්දොස්තරවරයා වහාම ලිඳුල පොලිසියට දැනුම් දී ඇති අතර පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ රියදුරු ලිඳුල රෝහලට ඇතුළත් කර ඇත.
කෙසේවෙතත්, ඔහු රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව වාර්තා සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart